දයාසිරි සිරිසේනව පාවා දෙයි....

" ඔයාලා අපිට ආරාධනා නොකළට අපි නම් ඔයාලට ආරධනා කරනවා"

 

ඊයේ (26) හොරගොල්ල බණ්ඩාරනායක සමාධියේ පැවැති 61 වන බණ්ඩාරනායක ගුණ සැමරුමට සහභාගී වූ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර චන්ද්‍රිකාට මෛත්‍රීපාල සිරිසේනව ප්‍රසිද්ධියේ පාවා දුන්නේ ය.

සැමරු උළෙලට පැමිණි ආරාධිතයන්ට ආචාර කරමින් පැමිණි චන්ද්‍රිකා සිනා මුසු මුහුණින් දයාසිරිට ද ආචාරය පළ කර " ඔයාලා අපිට ආරාධනා නොකළට අපි නම් ඔයාලට ආරධනා කරනවා" යනුවෙන් පැවසුවාය. සුපුරුදු පරිදි ඇඹරෙමින් දයාසිරි ඇයට පවසා සිටියේ, තමාට ඒ පිළිබඳ කිසිත් සිදු කළ නොහැකි බවත් ඒ කිසිවකට තමා සම්බන්ධ නැති බවත්ය. ඔහු එලෙස වක්‍රව අඟවා සිටියේ පක්ෂ මූලස්ථානය විසින් සංවිධානය කළ බණ්ඩාරනායක ගුණ සමරුමට චන්ද්‍රිකාට ආරාධනා නොකළේ මෛත්‍රීපාල සිරිසේන බවයි.

පසුගියදා (25) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ පැවති බණ්ඩාරනායක සැමරුමේ දී දයාසිරි ප්‍රකාශ කලේ ඊට සම්පූර්ණයෙන් වෙනස් අදහසකි. එහිදී ඔහු පවසා සිටියේ හොරගොල්ල බණ්ඩාරනායක සැමරුමට තමන්ට ආරාධනා නොකළ බවයි. එහි දී ඔහු පවසා සිටියේ ආරාධනා නොලැබුනත් බලෙන් හෝ එම අවස්ථාවට සහභාගී වන බවයි. පක්‍ෂ මූලස්ථානයට සම්බන්ධ අයෙක් පැවසුවේ, චන්ද්‍රිකා පක්ෂය නොතකා හැර තිබෙන බව ඇගවීමට උත්සාහ ගත්තද, චන්ද්‍රිකා මොහුට ආරාධනා කළ බව පැවසීමෙන් මොහුගේ බොරුව හෙළි වූ බවකි.

දයාසිරි මේ වන විට සිරිසේන පක්ෂ නායකත්වයෙන් එළවා , පක්ෂ නායකත්වය ලබා ගැනීමේ සීතල සටනක නියැලෙන බව පක්ෂ මූලස්ථානයේ එක් විශ්වසනීය ප්‍රකාශකයෙක් අපට පැවසීය.
පසුගියදා පාර්ලිමේන්තු විවාදයකදී ද ඔහු 19 වනව්‍යවස්ථා සංශෝධනයට තමන්ට අත උස්සන්නට බලපෑම් කලේ ද සිරිසේන බවයි.
පසුගිය දින කීපය ඇතුලත අවස්ථා ගණනාවකදී ම දයාසිරි සිරිසේන හෑල්ලු කරන අන්දමේ ප්‍රකාශ කරන ලදී.

මෛත්‍රීට විරුද්ධව ගතු කියා දයාසිරි උත්සාහ ගන්නේ චන්ද්‍රිකාගේ සහාය ද ලබාගෙන පක්ෂ නායකත්වයට පත් වීමට දැයි දැන් සැකයක් මතු වී තිබේ.

Search