තම වාචික නියෝග චක්‍රලේඛ ලෙස සලකනු! : ජනපති නියෝග කරයි

 

ජනතාවගේ පොදු යහපත පිණිස දෙන, සියලු වාචික නියෝග චක්‍රලේඛ සේ සළකා ක්‍රියාත්මක කළ

යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රජයේ නිලධාරීන්ට දැනුම් දී සිටියි.

එම නියමය කඩ කරන නිලධාරීන්ට එරෙහිව දැඩි පියවර ගන්නා බව ද ජනාධිපතිවරයා අවධාරණය කරයි.

බදුල්ල, හල්දුම්මුල්ල, වෙලංවිට ග්‍රාමයෙන් ආරම්භ වූ “ජනපති ගම සමග පිළිසඳර” සාකච්ඡා මණ්ඩපයට එක්වෙමින් ජනාධිපතිවරයා ඒ බව කියා සිටියේ, එම අවස්ථාවට පැමිණ සිටි රජයේ නිළධාරීන් අමතමිනි.

"රාජ්‍ය නිළධාරීන්ගෙන් මම බලාපොරොත්තු වෙන්නේ ජනතා ගැටළු සවිඥාණිකව අවබෝධකරගෙන විසඳුම් ලබාදීම. ජනතාවගේ පැත්තේ සිට නිවැරදි සහ සෘජු තීරණ ගන්නා නිළධාරීන් ආරක්ෂා කිරීමට බැඳී සිටිනවා. ජනතා ප්‍රශ්නවලට විසඳුම්දීමට රාජ්‍ය ආයතන දිගුකාලයක් ගන්නවා.

ඒ නිසා ආයතනයක ලිඛිත විමසුමකට අනෙක් ආයතනයෙන් දින 14 ක් ඇතුළත පිළිතුරු නැත්නම් එම ලිඛිත ඉල්ලීම අනුමත කළා සේ සලකා ජනතාවට පිළිතුරු දෙන්න.'

 

Search