13 වැනි සංශෝධනය බලාත්මක කරන්න : ඉන්දීය අගමැති මෝදී, අගමැති මහින්දට කියයි
සාමය සහ සංහිදියාව පිළිබඳ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාම සඳහා ශ්‍රී ලංකා රජය විසින් සුළුතර දෙමළ ජනතාව අතර බලය බෙදා හැරීමට කටයුතු කළ යුතු බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මෙරට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට ප්‍රකාශ කර තිබෙනවා.
ඒ වෙනුවෙන් 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්පුර්ණයෙන් ක්‍රියාත්මක කළ යුතු බව යි ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ.
දෙරටේ අගමැතිවරු අතර වීඩියෝ තාක්ෂණය ඔස්සේ ඊයේ (26) පැවති ද්විපාර්ශවික සමුළුවේදී මෙම අදහස් පළ කෙරුණි.
මෙරට ජිවත්වන දමිළ ජනතාවට සමානාත්මතාවය, යුක්තිය, සාමය යන අපේක්ෂාවන් සාක්ෂාත් කර ගැනීමට සඳහා 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්පුර්ණනයෙන්ම බලාත්මක විය යුතු බවයි එහිදී ප්‍රකාශ වී ඇත්තේ.