"ජනාධිපති, ජනතාවාදී ප්‍රවේශයකින් පරිසරය විනාශ කරනවා" - වෑකඳවල රාහුල හිමි

 

වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ජනතාවාදී ප්‍රවේශයකින් පරිසරය විනාශකිරීම සිය කාර්යභාරය කරගනිමින් කටයුතු කරන

බව සොබාදහම් අධ්‍යන මධ්‍යස්ථානයේ ක්‍රියාකාරී, පරිසරවේදී පූජ්‍ය වෑකඳවල රාහුල හිමියෝ පෙන්වා දෙති.

ඉකුත් 22 වැනිදා පවතී පරිසර සංවිධාන ඒකාබද්ධ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් උන්වහන්සේ මේ බව කියා තිබුණි.

"ලංකාව කියලා කියන්නේ ජෛව විවිධත්වයෙන් ඉහල රටක්. ජිවධාරක පද්ධතිය ගත්තත් ඉතාමත් සුවිශේෂී රටක්. අපි දන්නවා මේ විවිධත්වය, රමණීයත්වය සංරක්ෂණය කරමින් සංවර්ධනය කරා යන වැඩපිළිවෙලක් නෙවෙයි මෑත කාලයේ දී අපි දැක්කේ පාලනය කරපු පාලකයන් තුලින්. විශේෂයෙන්ම 2011-2030 දැන් මේ වෙනකොට 2050 දක්වා දික්වෙන ජාතික භෞතික සැලස්මට අනුව අපේ වන සම්පත් ඒ වගේම පාරිසරික පද්ධතීන් වනසා දමන සංවර්ධන ක්‍රියාවලියක් තමයි දක්නට තියෙන්නේ. මේ කෙටි කාලය ගත්තොතින් මේ ජාතික භෞතික සැලැස්මට අනුව සිද්ධවන සංවර්ධන විනාසය, පාරිසරික විනාසය නතර කරගන්න ජනතාව ඒ වගේම පරිසරවේදීන්, නීතිවේදීන්, විවිධ වෘත්තිකයන් ඔවුන්ගේ මැදිහත්වීම් කරමින් කල්පමා කරමින් ක්‍රමානුකුලව ආරක්ෂා කරගෙන ආව. නමුත් කියන්න ඕන ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ඉතාමත් සාර්ථක විධියට, පරිසරය විනාශ කරන එක ඉතාම හොඳට සිද්ධ කරගෙන යනවා. ඒකට ජනතා මුහුණුවරක් ලබාදෙන්නට තරම් ඔහු සමත්වෙලා තියෙනවා."

uyh

ජනතාවාදී ප්‍රවේශයකින් පරිසරය වැනසීම

"විශේෂයෙන්ම අපි සලකා බැලුවොතින් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා, මෛත්‍රිපාල ජනාධිපතිවරයා, ගෝඨාභය ජනාධිපතිවරයා මේ තුන්දෙනාම එකම දේ කරපු අය. හැබැයි මේ වෙනකොට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ඉතාම සාර්ථක ආකාරයට පරිසර වැනසීම සිද්ධ කරගෙන යනවා. බහුජාතික සමාගම්වලට ඉඩම් අත්පත් කරදීම සඳහා ඔහු පලිහක් කරගන්නේ සාමාන්‍ය ගොවි ජනතාව.. හේන් ගොවියාව. උස්ගල වගේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රදේශයක් අරගෙන සාකච්ඡා කරලා බලනකොට දේශපාලන හිතවතුන්ගේ හෙන්චයියලා ටික තමයි ඒ ප්‍රදේශයේ තියෙන අවශේෂ වනාන්තරවල කෙසෙල් වගාවන් දාගෙන කටයුතු කළේ."

"හම්බන්තොට දිස්ත්‍රික්කයේ අලි-මිනිස් ගැටුම මෑත කාලීනව ඉතාම උග්‍ර තත්වයට පත්වුනා. මේ තත්වයන් යටත් තවදුරටත් මෙය එන්න එන්නම ඉහල යනවා ඇරෙන්න වෙන ක්‍රියාවලියක් වෙන්නේ නැහැ. හැබැයි ජනාධිපතිවරයා එක පැත්තකින් අලි-මිනිස් ගැටුම ගැන මහා සංවාදයක් සමාජය තුල ගොඩනගමින් ඒකට උත්තරයක් දෙනවා කියන බලාපොරොත්තුවක් මිනිසුන්ගේ හදවත් තුල ඇතිකරලා තියෙනවා. ඒකයි මම මුලින්ම මතක් කළේ මේ ජනාධිපතිවරයා එක පැත්තකින් බිය ගැන්වීමත් අනෙක් පැත්තෙන් ඉතාමත් ජනතාවාදී ප්‍රවේශයකින් පරිසරය විනාශකිරීම සිය කාර්යභාරය කරගනිමින් කටයුතු කරනවා. මෑත කාලීනව ගත්තොතින් අපි දන්නවා සිංහරාජය වෙන්න පුළුවන්, කෝමාරිකා වගාව වෙනුවෙන් විල්පත්තුව වෙන්න පුළුවන්, ආනවිලුන්දාව වෙන්න පුළුවන්, වනාතවිල්ලුව වෙන්න පුළුවන් කෙටි කාලයක් ඇතුලතදී විශාල පරිසර විනාශයක් අත්පත්කරදුන් ජනාධිපතිවරයෙක්."

colekekek5095027405 7895122 29112018 ENP

 

වාර්තා නොවූ සත්ව විශේෂ ලෝකයෙන් තුරන් වීමේ අවදානමක්

"ලංකාව කියන්නේ ජෛව විවිධත්ව උණුසුම් කලාපයක්. මේ උණුසුම් කලාපය ඉක්මනින්ම වනසා දමන රටක් බවට පත්වෙලා. දේශගුණික කලාප තියෙනවා. ඊට අනුරූපී ශාක ප්‍රජාව, ශාක රටාවක් තියෙනවා, අනුරූපී සත්ව ප්‍රජාවක් ඉන්නවා. පුංචි පුංචි වනාන්තරවලට අවේනික සත්ව විශේෂ විශාල ප්‍රමාණයක් ඔවුන්ගේ වාසභූමි කොටගෙන ජිවත් වෙනවා. වන හෙළිපෙහෙළි කිරීම හරහා ලෝකයේ පර්යේෂණයට ලක්නොවූ සතුන් ඒ වගේම ශාක කොටස් හෙට දවසේ අහිමිවෙන්න බොහෝ ඉඩකඩ තියෙනවා. සොයානොගත්, වාර්තා නොවූ සත්ව විශේෂවලට ලෝකයෙන් සමුගන්න සිද්ධ වෙනවා. ඒ නිසා අපි ජනාධිපතිවරයාට විශේෂයෙන්ම මතක කර දීමට කැමතියි මේ සිදුවන පරිසර විනාශය නතර කළ යුතුයි. බාරකරුවෙක් විදියට කටයුතු කරනවා වෙනුවට හිතුමතේ අයිතිකරුවෙක් විදියට තමන්ගේ දේශපාලන හිතවතුන් වෙනුවෙන් සමාගම් වෙනුවෙන් පරිසරය වැනසීමේ ක්‍රියාවලිය ජනාධිපතිවරයා කරගෙන යනවා."

photo sinharaja illegal road construction 697x394

ලෝක උරුම සිංහරාජ මායිමේ ඇති ලංකාගම සිට දෙණියාය දක්වා මාර්ගයක් ඉදිකිරීම

"සිංහරාජය උඩව මාර්ගය හදද්දී අපි විරුද්ධ වුණා.මහපාරේදී වගේම ඉන් ඔබ්බට ගිහින් ක්‍රියාකාරීව ලෝක බැංකුව දැනුවත් කරමින් ඒ මාර්ගය හදන එක වැරදියි කියන එක තහවුරු කළා. ලෝක බැංකු නියෝජිතයින් ලංකාවට ආව ඇවිත් පාර හදපු විදිය දැක්කම පුදුම වුනා. හැබැයි ඒ වෙනකනුත් ජනාධිපතිවරයා, ඇමතිවරු සහ සමහර පරිසරවේදීන් පවා ඒක හොඳ දෙයක් විදියට තමයි සමාජය තුල කතාබහ ඇති කළේ. ලංකාගම මාර්ගය හැදෙනකොටත් ඒ විදියටමයි ජනතාවාදී ප්‍රවේශයකින් විනාශය සිද්ධ කරගෙන යනවා."

ජිනීවා මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

"පරිසර සංවිධාන එකතුවෙලා ජිනීවා මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් කරන්න බලාපොරොත්තු වෙනවා. පැමිණිල්ල මේ වෙනකොට බාර අරගෙන තිබෙනවා. පාලකයන්ට අපි මතක් කරනවා මේ විනාශය නතර කරන්නේ නැතිනම් ඉදිරියට ජනතාව සමග මේ සටනට එළඹෙන්න සුදානම් කියන එක. විශේෂයෙන්ම, මේ පරිසර විනාශය නතර කර දමන ලෙස භික්ෂුවක් විදියටත්, පරිසර ක්‍රියාධරයෙක් ලෙසත් ඉතාමත් ඕනෑකමින් ඉල්ලනවා."

 

Search