අද මෙරට පාර්ලිමේන්තු ඉතිහාසයේ අදුරුතම දිනය යි! විපක්ෂ නායක

අද මෙරට පාර්ලිමේන්තු ඉතිහාසයේ අදුරුතම දිනය යි! විපක්ෂ නායක

 

පාර්ලිමේන්තුවේ උත්තරීතරභාවය කෙලසමින් 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කෙටුම්පත ඉදිරිපත් කිරීම ගැන විපක්ෂයේ සියලු දෙනා දැඩි කණගාටුව ප්‍රකාශ කරන අතර මෙරට "පාර්ලිමේන්තු ඉතිහාසයේ අදුරුතම දිනය අද " බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඊයේ (22) පාර්ලිමේන්තුව අමතමින් කියා සිටියේ ය.

20 වැනි සංශෝධනය මගින් විගණකාධිපති බලය අහෝසි කිරීම, ප්‍රසම්පාදන ක්‍රමවේදය හකුලා තිබීම, මැතිවරණ කොමිසන් සභාවේ ස්වාධීනත්වය කෙළසීම යන කාරණා සම්බන්ධයෙන් ද සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස එහිදී අවධාරණය කර සිටියේ ය.

එසේම වැඩිදුරටත් ඔහු කියාසිටියේ 20 වැනි සංශෝධනයේ අරමුණ වන්නේ ව්‍යවස්ථාදායක සභාව හකුලාගෙන රූකඩ පාර්ලිමේන්තුවක් නිර්මාණය කිරීම බව යි.

 

 

Search