"ඉරාජ් වගේ ගවුම් අඳින්නත් ඕනම පිරිමියෙකුට අයිතිය තිබිය යුතුයි!” මංගලගෙන් කනේ පහරක්

 

 

ඉරාජ් විරරත්න වගේ ගවුම් අදීන්නත් ඕනම පිරිමියෙකුට අයිතිය තිබිය යුතු

බව හිටපු අමාත්‍ය මංගල සමරවීර ප්‍රකාශ කර තිබෙනවා.

ඔහු ඒ බව සඳහන් කර ඇත්තේ, සංක්‍රාන්ති ලිංගික පුද්ගලයකුට (Transgender) කොළඹ පිහිටි එක්තරා සමාජ ශාලාවකට ඇතුළු වීමට ඉඩ නොදීමේ සිදුවීමක් සම්බන්ධයෙන් ඉරාජ් වීරරත්න විසින් ට්විටර් සමාජ මාධ්‍ය ඔස්සේ පළ කර තිබූ සටහනකට තම ට්විටර් ගිණුම ඔස්සේ ප්‍රතිචාර දක්වමිනි.

"ඔව්, ඉරාජ්ට මට වගේම සියලු දෙනාට එම අයිතිය තිබිය යුතු යි. ඉරාජ් වගේ ගවුම් අඳින්නත් ඕනෑම පිරිමියකුට අයිතිය තිබිය යුතුයි."

mangala spks

මිට තුඩු දුන් සිදුවීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ වීඩියෝවේ දක්නට ලැබෙන්නේ සංක්‍රාන්ති ලිංගිකයෙකුට ඇගේ “බාහිර ස්වරූපය” නිසා, කොළඹ ෆ්ලැමින්ගෝ හවුස් හි ලව් බාර් නම් රාත්‍රී සමාජ ශාලාවට ආරක්ෂකයකු විසින් (Bouncer) ඇතුළුවීමට අවසර ලබා නොදෙන ආකාරය යි.

කුමන පදනම මත එසේ කරන්නේ ද යන වග පැහැදිලි කිරීමට ද අදාළ ආරක්ෂකයාට එම අවස්ථාවේ දී හැකිවන්නේ නැහැ.

දැඩි ලෙස හෙලා දකිනවා

මෙසේ වෙන්කොට සැලකීම දැඩි ලෙස හෙලා දකින බවත්, සිද්ධිය සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් සිටින බවත් EQUAL GROUND සංවිධානය නිවේදනය කර තිබුණි.

“මෙම නින්දිත හා අවාසනාවන්ත සිදුවීමට මුහුණ දීමට සිදු වූ පුද්ගලයා මෙන්ම සෑම දිනකම වෙනස් කොට සැලකීම, අපකීර්තියට ලක්වීම, හිරිහැර හා ප්‍රචණ්ඩත්වයට මුහුණ දෙන ශ්‍රී ලංකාවේ සංක්‍රාන්ති ලිංගික ප්‍රජාව සමඟ අපි සහයෝගයෙන් කටයුතු කරන්නෙමු” යැයි EQUAL GROUND පවසයි.

 

 

Search