ජනාධිපති ධූරය සදහා තේරී පත් වීමට වයස අවුරුදු 35 ඉක්මවා සිටිය යුතු බවට වන 19 වන ව්‍යවස්ථා සංශෝධනය යටතේ පනවා තිබූ සීමාව,
යෝජිත 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත මගින් වයස අවුරුදු 30 දක්වා අඩු කර තිබීම පුජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමිගේ විවේචනයට ලක්ව තිබෙනවා.
වත්මන් ආණ්ඩුව බලයට ගෙන ඒම සඳහා විශාල දායකත්වයක් ලබාදුන් පැපිලියාන සුනේත්‍රා මහා දේවි පිරිවෙනේ විහාරාධිපති පුජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් පවසා ඇත්තේ අවුරුදු 30ක ගැටයෙක් රටේ ජනාධිපති වෙන්න ඉන්නවා නම් එය රටේ අභාග්‍ය බව යි.
කතානායක මහින්දයාපා අබේවර්ධන පසුගියදිනක සුනේත්‍රාදේවී පිරිවෙණට පැමිණි අවස්ථාවේදී උන්වහන්සේ මේ බව පවසා ඇත.
"අවුරුදු 35, 30 කරන එක අවශ්‍ය ද මේ රටේ ජනාධිපති වෙන්න. ඒ වගන්තිය ඕනම නැහැනේ. අවුරුදු 30ක ගැටයෙක් නම් රටේ ජනාධිපති වෙන්න ඉන්නේ. ඒ රටේ අභාග්‍යනේ නේද? ඒ කියන්නේ අවුරුදු 35ක් වත් වෙලා පරිණත මිනිහෙක් වෙන්න එපැයි. බුදු වෙන්නෙත් අවුරුදු 35න්."