පරිසරවේදී රවින්ද්‍ර කාරියවසම් ලියයි...
අපි 2011 වර්ෂයටම ආපසු යායුතූය... රටවල් තිස් හයක එකගතාවය මත නිර්මාණය වු ජාතික භෞතික සැලැස්ම ක්‍රියාත්මක කිරිමෙි ප්‍රධාන මෙහෙයුම ආරම්භ කළේ මහින්ද රාජපක්ෂ ය. එහි තුන්වන කාර්තුව සිදු කරන්නේ මෙි රජය විසිනිි. එම සැලැස්මේ පැහැදිලිව ලියා ඇති කාරණය නම්, වාණිජ බොග වගාවන් සදහා කැලෑ ඉඩම් නිදහස් කිරීම කළ යුතුය යන්නයි. මේ සිදුවෙමින් පවතින්නේ එයයි.
"දැනට ලංකාව ලෝකයේ ප්‍රාථමික වනාන්තර විනාශ කරන රටවල් අතර හතර වැනිි ස්ථානය ගෙන තිබේ."
දැනට ලංකාව ලෝකයේ ප්‍රාථමික වනාන්තර විනාශ කරන රටවල් අතර හතර වැනිි ස්ථානය ගෙන තිබේ. මහවැලි සංවර්ධන ව්‍යාපෘතියෙන් වෙිගවත් කළ වන විනාශය නැවත වරක් වේගවත් වෙන්නෙ වනාන්තර මහ සැලැස්ම තුලිනි. දැන් එය සිදු වන්නේ ජාතික භෞතික සැලසුමට අනුව ය. අප මෙය පරාජය කළ යුත්තේ කෑල්ලෙන් කෑල්ල නොවන බව අප හැකි තරම් පෙන්වා දුන්න ද 2013 වන විට අප දවල් දකින හීන කියා බෙහෝ දෙනා කීවෙිය. නමුත් මේ යන වේගයෙන්ම අප හැප්පෙනවා නියතය.
"ගැසට් පත්‍රයත් සමග ලංකාවේ අවශේෂ යයි හදුන්වා ඇති කැලෑ ඉඩම් පුද්ගලික හිමිකම් දරන ව්‍යාපාරියන්ට හා සමාගම් අතට"
2030 වනවිට මෙරට වනාන්තර ප්‍රතිශතය සියයට 10% දක්වා අඩුවේ. එය අහඹුවක් නොව අනිවාර්යයකි. මේ ගැසට් පත්‍රයත් සමග ලංකාවේ අවශේෂ යයි හදුන්වා ඇති කැලෑ ඉඩම් පුද්ගලික හිමිකම් දරන ව්‍යාපාරියන්ට හා සමාගම් අතට පත්වේ. මේ ගැසට් පත්‍රය එන්නේ එහි එක් පියවරක් ලෙසය.
අඩුම තරමේ එක මිනිසෙකුට හුස්ම ගැනිමට ඔක්සිජන් ලීටර් 550 අවශ්‍යයි. අප රට තුල සිටින ජනතාවට ඔක්සිජන් නිපදවීමට පමණක් සියයට විසිිහතරකවත් වනාන්තර අප පවත්වාගත යුතුව ඇත.