අන්ත දූෂිත ලෙස ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු මිලදී ගැනීම හේතුවෙන් රටටත්, ජනතාව ගේ බදු මුදල්වලටත් සිදු කළ පාඩුව වෙනුවෙන් ඉදිරියේ දී නීතිමය පියවර ගැනීමට වගකිව යුතු විපක්ෂයක් ලෙස සමගි ජන බලවේගය කටයුතු කරන බවත්, මෙම ආණ්ඩුවේ දූෂිත කටයුතුවලට එරෙහිව ගත හැකි සියලු පියවර ඉදිරියේ දී ගන්නා බවත් සමගි ජන බලවේගය සඳහන් කරයි.
එම පක්ෂය මේ බව සඳහන් කරන්නේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි.
මතු පළ වන්නේ සමගි ජන බලවේගය මේ සම්බන්ධයෙන් නිකුත් කළ සම්පූර්ණ නිවේදනය යි.
