විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස තිස්සමහාරාමයේ විහාරස්ථාන කිහිපයක නිරීක්ෂණ චාරිකාවක

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස  තිස්සමහාරාමයේ විහාරස්ථාන කිහිපයක නිරීක්ෂණ චාරිකාවක

තිස්සමහාරාමය මැතිවරණ කොට්ඨාසයේ විහාරස්ථාන මුහුණ දෙන ගැටලු පිළිබඳව සොයා බැලීමේ අරමුණින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විශේෂ සංචාරයක නිරත විය.

මෙම සංචාරය අතරතුර ඓතිහාසික නැදිගම්විල විල්පිට රජමහා විහාරස්ථානය වෙත පැමිණි විපක්ෂ නායකවරයා එහි වැඩවසන මහා සංඝරත්නය බැහැදැක ආශිර්වාද ලබා ගැනීමට කටයුතු කළේය.

එහිදී විහාරස්ථානයේ පවතින අඩුපාඩු මෙන්ම ස්වාමීන් වහන්සේලා මුහුණ දෙන විවිධ ගැටලු පිළිබඳව විපක්ෂ නායකවරයා දීර්ඝ වශයෙන් කරුණු විමසා බැලීය.

ඓතිහාසික වටිනාකමකින් යුත් මෙවැනි විහාරස්ථාන රැක ගැනීම සහ භික්ෂුන් වහන්සේලාගේ සුබසාධනය උදෙසා ගත හැකි පියවර පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය. ප්‍රදේශයේ ආගමික මධ්‍යස්ථාන මුහුණ දෙන අභියෝග හඳුනා ගනිමින් ඒවාට අවශ්‍ය විසඳුම් ලබා දීමට මැදිහත් වන බව විපක්ෂ නායකවරයා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.

 

sajith2

Search