පළාත් සභා අහෝසි කරන්නේ නම්, පළාත් සභාවල ඇති බලය පළාත් පාලන ආයතනවලට ලබාදෙන බවට
සඳහන් ප්‍රකාශයක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටුවේ) හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින් සිදු නොකළ බව එම පක්ෂය නිවේදනය කරනවා.
පක්ෂ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම්ගේ අත්සනින් යුතු මාධ්‍ය නිවේදනයක් අද දින (15) නිකුත් කරමින් පොදුජන පෙරමුණ සඳහන් කරන්නේ සැප්තැම්බර් 11 වැනිදා පක්ෂ නියෝජිතයින් කොළඹට කැඳවා පැවැත්වූ සාකච්ඡාවේදී ඔහු එවැනි කිසිදු ප්‍රකාශයක් සිදු නොකළ බවයි.