මන්නාරම ඛනිජ සම්පත් ගෙඩිපිටින් ඕස්ට්‍රේලියානු සමාගමකට
ලොව වටිනා ඛනිජ සම්පත් රැසකින් සමන්විත දිවයිනක් වන ශ්‍රී ලංකාවේ ඛනිජ සම්පත රටට අහිමිවීමේ අවදානමක් නැවත මතුව තිබෙනවා.
අක්කරෙයිපත්තු වෙරළේ ඛනිජ වැලි සම්පත ඔස්ට්‍රේලියාවට යැවීමේ ව්‍යාපෘතියක් ආරම්භ කර ඇති බව පසුගියදා MediaLK.com වෙබ් අඩවිය වාර්තා කර තිබුණි.
එසේම, පසුගිය ජූනි මස දී දැඩි මතබෙදයකට තුඩු දුන් ඕස්ට්‍රේලියාවේ ටයිටේනියම් සෑන්ඩ්ස් නම් සමාගම විසින් මන්නාරම් දූපතෙහි ඛනිජ වැලි සම්බන්ධ ගවේශණ ව්‍යාපෘතිය නැවත ආරම්භ කර ඇති බව proactiveinvestors.com.au නම් වෙබ් අඩවිය වාර්තා කර තිබෙනවා.
එම වෙබ් අඩවිය වාර්තා කර සිටින්නේ කොවිඩ්-19 වසංගතය හේතුවෙන් ශ්‍රී ලංකාව් තුල පැනවූ සීමා ඉවත් කිරීම නිසා, ටයිටේනියම් සෑන්ඩ් ලිමිටඩ් නම් ඕස්ට්‍රේලියානු සමාගමට ඛනිජ සම්පත් සම්බන්ධයෙන් සිය ගවේෂණ කටයුතු මෙරට ශ්‍රමිකයින් යොදා ගනිමින් නැවත ආරම්භ කිරීමට හැකියාව ලැබී ඇති බව යි.
ඒ අනුව, මන්නාරම ආශිතව සමික්ෂණයට ලක්කර ඇති ප්‍රදේශයේ බැර ඛනිජ වර්ග 4.38%ක් සහ ගානට් 0.35%ක් සහිත වැලි ටොන් මිලියන 264.93ක් ඇති බව සමාගම විසින් තක්සේරු කර ඇති අතර වැඩිදුර සමීක්ෂණයෙන් පසු "ගානට්"(මැණික් වර්ගයකි) ඊට ඇතුල් කිරීමට හැකිවූ බව යි සඳහන් වන්නේ.
එය අතිරේකයක් නමුත්, ඛනිජ වැලි ටොන් එකක විකුණුම් මිල ඕස්ට්‍රේලියානු ඩොලර් 375ක් ලෙස තක්සේරු කර ඇති ව්‍යාපෘතියට වටිනා එකතුවක් ලෙස සමාගම සලකන බව වෙබ් අඩවිය වාර්තා කර යි.
රජයේ සහය?
නිසි අවසරයකින් තොරව සිදු කරන්නේ යැයි චෝදනා එල්ල වූ මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ඉකුත් ජූලි මුල දී අදහස් දක්වමින් කර්මාන්ත ඇමති විමල් විරවංශ කියා සිටියේ අදාල සමාගම බලපත්‍ර ඇතිව කටයුතු කරනවා ද යන්න පිළිබඳව සොයා බැලීමට වහාම පරීක්ෂණයක් ක්‍රියාත්මක කරන බවත්, ඔවුන් නීතියට පිටින් ගොස් ඇතිනම් වහාම එය නතර කිරීමට පියවර ගන්නා බවත්, ලබාදී ඇති බලපත්‍ර අවලංගු කිරීමට භූ විද්‍යා හා පතල් කාර්යංශයට නිර්දේශ කිරීමට බලාපොරොත්තු වෙන බවත් ය.
Proactive investors වෙබ් අඩවියේම පළ වූ ලිපියකට අනුව අදාළ ඛනිජ පිළිබඳ ගවේෂණය සඳහා සිය සමාගම භූ විද්‍යා හා පතල් කැනීම් කාර්යාංශයෙන් අවසර ලබා ගෙන ඇති බව ටයිටේනියම් සෑන්ඩ්ස් ප්‍රකාශ කළ නමුත් මේ පිළිබඳ News First කළ විමසීමකදී මෙරට භූ විද්‍යා හා පතල් කැනීම් කාර්යාංශය අවධාරණය කර තිබුනේ එවැනි බලපත්‍රයක් තම ආයතනය මගින් ලබා දී නොමැති බවයි.
කෙසේ වෙතත්, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ මඟ පෙන්වීම යටතේ ක්‍රියාත්මක වන මෙරට රජය සමඟ සමීපව කටයුතු කරමින් විදෙස් ආයෝජන හරහා මෙරට ප්‍රජාව වෙනුවෙන් ආයෝජනය කිරීමටත් රැකියා උත්පාදනයටත් කටයුතු කිරීම ටයිටේනියම් සෑන්ඩ් ලිමිටඩ් සමාගමේ අපේක්ෂාව බව යි සඳුදා (14) දින Proactive investors වෙබ් අඩවිය පළ කළ ලිපියෙහි වැඩිදුරටත් සඳහන් වන්නේ.
©විපක්ෂය