"20" මහරජාණන් පියන් කෙනෙක් කරන්න හිතාමතා කරපු කුමන්ත්‍රණයක්

 

යෝජිත 20 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඉලක්ක කරගනිමින් ඔහු බාල්දු කිරීම සඳහා ගෙන ආ

කෙටුම්පතක් බව විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් පවස යි.

"මහරජාණන්ව පියන් කෙනෙක් කරන්න හිතාමතා කරපු කුමන්ත්‍රණයක් කියලා පොහොට්ටුවේ උන්දලට දැන් තේරෙනවා ඇති," යනුවෙන් මාධ්‍ය වෙත ඊයේ (13) අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ ය.

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අයිතිකාරයෙක් නැති ව්‍යවස්ථා සංශෝධනයක් බවට පත්වී ඇති බවත් අධිකරණ ඇමති අලි සබ්‍රි පවා වගකීම මග හරින බවත් මන්ත්‍රී එස්.එම්. මරික්කාර් පෙන්වා දෙයි.

"රටට අවශ්‍ය වෙන්නේ රටට ගැලපෙන රටේ ජනතාවට ගැලපෙන ව්‍යවස්ථාවක්. එහෙම නැතුව පුද්ගලයින් තනි තනිව ශක්තිමත් හෝ පුද්ගලයින් තනි තනිව බාල්දු කරන ව්‍යවස්ථාවක් නෙවෙයි. මහින්ද මහත්තයා බාල්දු කරලා මොනවා ලබාගන්න හදනවා ද කියන එක අපිට තේරෙන්නේ නැහැ." යැයි වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ය.

Search