ආණ්ඩුව පෙන්නනවා විතරයි තුනෙන් දෙකක් නෑ! මරික්කාර්ගෙන් ප්‍රහාරයක්
ආණ්ඩුවට තුනෙන් දෙකක බලයක් ඇති බව පෙන්වීමට උත්සහ කළත් ඔවුන්ට ආසන 148ක් පමණක් ඇති බැවින් එවැනි බලයක් නැති බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් පවස යි.
"තුනෙන් දෙකක් නැති ආණ්ඩුවක් මේක. දැන් චිත්‍රයක් හදනවා තුනෙන් දෙකක් තියෙනවා කියලා," යනුවෙන් ඊයේ (9) දින පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ය.
"ආණ්ඩු පක්ෂයට හම්බවෙලා තියෙන්නේ ඡන්ද ප්‍රතිශතය 58.9% කොහෙවත් තුනෙන් දෙකක් හම්බවෙලා නැහැ. ජැක් එක ගහන 4 දෙනා එක්ක 149 යි. ඔබතුමාට(කතානායක) ඡන්දේ දෙන්න බැරිවුනාම 148 යි"
කතානායකතුමනි, පීඩනයට යටත් නොවී ස්වාධින වෙන්න!
මන්ත්‍රීවරු 225 දෙනාගේම කතානායකවරයා ලෙස පීඩනයට යටත් නොවී ස්වාධීනව වැඩ කරන මෙන් එස්.එම්. මරික්කාර් වැඩිදුරටත් ඉල්ලීමක් කර සිටියේ ය.
"ඔබතුමාට දැන් තියෙන පීඩනය අපිට තේරෙනවා. ඒ නිසා ඔබතුමාට අපි බලාපොරොත්තු වෙනවා.. දකුණේ පුද්ගලයෙක් විදියට පීඩනය යටත් වෙන්නේ නැතුව ස්වාධීනව කතානායකවරයෙක් විදියට වැඩ කටයුතු කරන්න කියලා ඉල්ලා සිටිනවා. ඔබතුමා 225ම කතානායකවරයා."