20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පරාජය කිරීම සඳහා කටයුතු කරන බව සමගි ජන බලවේගය(SJB)පක්ෂය ඒකමතිකව තීන්දු කර තිබේ.
පක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් ඊයේ (7)දින පාර්ලිමේන්තුවේ දී පැවති රැස්වීමක් අතරතුර දී ඔවුන් මෙම තීරණය ගෙන ඇත.
19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ අඩංගු ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම වඩාත් ශක්තිමත් කරමින් ඉදිරියට ගෙන ආ යුතු බව යි සමගි ජන බල පෙරමුණේ මතය වී ඇත්තේ.