සජිත්ගෙන් ශ්‍රීලනිපයට ආරාධනා කරයි

තමන්ගේ ප්‍රධානත්වයෙන් ඉදිරි මැතිවරණයට තරඟ වැදීම සඳහා සමගි ජන බලවේගය සමග එක්වන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආරාධනා කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

පිවිතුරු රටක්, පවිත්‍ර දේශයක්, නිර්මල රාජ්‍ය පාලනයක් උදෙසා තම පෙරමුණ සමඟ එක්වෙන්නැයි එම පක්ෂය නියෝජනය කරන සියලු පාර්ශවයන්ට ආරාධනා කරන බවද ඔහු සදහන් කලේය.

අද පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම ආරාධනය කළේය.

මෛත්‍රීපාල සිරිසේන මහතා පොදුජන පෙරමුණ සමග සංධානගත වීම පිළිබඳ සජිත් ප්‍රේමදාස මහතා කම්පාවෙන් සිටි බවද එජාප අභ්‍යන්තර තොරතුරු මාර්ග වාර්තා කරයි.මෛත්‍රීපාල සිරිසේනගේද සහය ලැබේ නම් ඉදිරි මැතිවරණයකදී ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ ආණ්ඩුව පහසුවෙන් පරාජය කළ හැකි බවයි ඔහුගේ මතය වී ඇත්තේ.

Search