කුමාරි අක්කා vs රානු මොන්ඩල් උන් ඒක කරා

කුමාරි අක්කා vs රානු මොන්ඩල්  උන් ඒක කරා

කුමාරි අක්කා ගැන කතා කරන්නෙම නෑ කියල හිතන් හිටපු මට ඇය ගැන ලියන්න පෙළඹවූයේ ඉන්දියාවේ රානු. මෙය මේ දෙදෙනාගෙන් කාට හෝ අපහසයක් නොවන බව මුලින්ම කියන්න ඕනෙ.

ඒත් දකුණු ආසියාවේ රටවල් දෙකක සමකාලීන සිදුවීම් දෙකක් හරහා අප මොහොතක් නැවතී සිතිය යුතු කාලය එළඹ ඇත්තේ නුදුරේදී අප රට තීරණාත්මක මොහොතකට එළබෙන නිසාය. 

තමන්ගේ කාන්සිය , මානසික ආතතිය දුරු කර ගැනීමට නිශ්පාදනය කරපු App එකකින් කුමාරි අක්ක සිංදු කිව්වා.. රානු එදා වේල හොයා ගන්න පාරෙ සිංදු කිව්වා.. කුමාරි අක්කට පාඩුවෙ ඉන්න නොදී එයාගෙන් ආතල් එකක් ගන්න අපේ රටේ මිනිස්සු කුමාරි අක්කව තරුවක් කලා. රානුගේ හඬට වශී උන ඉන්ජිනේරුවෙක් හා සංගීත අධ්‍යක්ෂක වරයෙක් රානුව ඒ රටේ තරුවක් කලා. කුමාරි අක්කට රස්සාවක් තිබුනා. ඉන්න තැනක් තිබුනා. ඒත් කුමාරි අක්කත් ජීවිතේ ගොඩක් දුක් විඳපු ගැහැනියක්. රානු පාරෙ සිංදු කියල ඒ සල්ලි වලින් කෑව විතරයි. ඉන්න ගෙයක් වත් තිබ්බෙ නෑ. මේ දෙන්නම හරි දුක් විංද අහිංසක ගැහැණු. වෙනසකට තිබ්බෙ රානුට හොඳට සිංදු කියන්න පුළුවං. අලංකාර හඬක් ඇයට් තිබ්බා. කුමාරි අක්කට ඒක තිබ්බෙ නෑ. 

කුමාරි අක්ක සිංදු කිටනකොට මිනිස්සු හිනා උනා. විසිල් ගගහ ඇයව තව form කරා. ඇය නට නටා සිංදු කිව්වා. රානු සිංදු කියනකොට ඒ රටේ මහා සංගීත කාරයෝ පුටු වලින් නැගිට්ටා. සමහරු ඇඬුවා. රානු වගේ ඕනෙ තරං ගැහැණු පිරිමි ලංකාවෙ ඕනෙ තරං ඇති. ඉන්දියාවෙත් ඇති.
ඒත් ඉන්දියාව ඒක කරා. ඔව් කලාවේ නමෙන් උන් ඒක කරා. ඔව් සනී ලියෝන්ව නිළියක් කරපු ඉන්දියාව , බිකිනි ඇදං තොල් සිපගන්න ඉන්දියාව, දුප්පත් අඩු කුලේ ගැහැණු දූෂණය කරල මරා දමන ඉන්දියාව, රානුව තරුවක් කලා. රානු ගෙන් උන් හම්බ කරා. ඒත් ලෝකෙම අවදානය ඉන්දියාවට ගත්තා. උන් ඒක කරා. කලාවේ නාමෙන් උන් ඒක කරා. මැරෙන්න කලින් ඒ අති අලංකාර හඬින් ඇය මුලු ඉන්දියාවම දෙවනත් කරා. සූසන් බොයිලි මුලු බ්‍රිතාන්‍යයටම කෑගහල කිව්ව පණිවිඩය රානු මුලු ඉන්දියාවටම කිව්වා.
ඒත් අපි?

කුමාරි අක්ක සිංදු කියනකොට වටේ හිටපු මිනිස්සු මාර ආතල් එකක් ගත්ත. හිනා උනා. Trending උනා. ඒත් සිංදු ලස්සනට කියන්න පුලුවං, කාගෙවත් ඇස කණ නොගැටුනු සැබෑ දක්ශයො කී දෙනෙක් බලාපොරොත්තු සුන්වී හදවතින් හඬා වැටෙන්න ඇත්ද?
පාරෙ හිඟාකාපු රානු මුලු ඉන්දියාවම හොල්ලනකොට, ඒ වගේ දක්ශතා තියෙන සැඟවුනු මිනිස්සු ගෑනු කොයි තරම් බලාපොරොත්තු සහගත වන්නට ඇත්ද?
හෙට දවසේ කුමාරි අක්කත් රානුත් ඉතිහාසයේ චරිත දෙකක් බවට පත්වේවි. ඒත් රටේ හෙට දවස අදට වඩා වෙනස් වේවි. 

රටක කලාව කියන්නෙ විහිලුවක් නෙවෙයි. 
ඇමරිකාව, ඉන්දියාව, එංගලන්තය උනත් උන්ගෙ සංස්කෘතික මිනිසාව පෝෂණය කරනව. 
එතකොට අපි?

හැමදේම විහිලුවක් , fun එකක් , ආතල් එකක් කරගත්තු රටක ජනාධිපති තෝරාගන්නේත් ඒ රටේම මිනිසුන් බව මතක තබා ගන්න.

ධනංජය සිරිවර්ධන 
 
 

Search