ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විනය කැඩූ මහජන නියෝජිතයින්ට එරෙහිව වහාම නිත්‍යානුකුල පියවර ගැනීමට තීරණය කර ඇති එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව,
භාණ්ඩාගාරික ධුරය දැරූ එස්.බී දිසානායක මන්ත්‍රීවරයා ඉවත්කර ඒ සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න පත් කර ඇත.
මේවනවිට පැවැත්වෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේදී එම තීරණ ගෙන තිබේ. එසේම, උප සභාපතිවරයකු ලෙස තිලංග සුමතිපාල මන්ත්‍රීවරයා පත්කර තිබේ.
ජනාධිපති නිල නිවසේදී පැවැත්වෙන මෙම සාකච්ජාවේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර එකඟතාවක් ඇති කිරීම සම්බන්ධයෙන් සිදු කෙරෙන සාකච්ඡා හා ජනාධිපති අපේක්ෂකයා ලෙස දැනට නම් කර සිටින ගෝඨාභය රාජපක්ෂට සහය දෙන්නේද? නැද්ද? යන්න පිළිබඳව ද ප්‍රධාන වශයෙන් අවධානය යොමු කිරීමට නියමිත බව වාර්තා වේ.
කෙසේවුවද සාකච්ජාව ඇරඹීමට පෙර සන්ධාන මහ ලේකම් මහින්ද අමරවීර සඳහන් කළේ, මෙම මධ්‍යම කාරක සභා රැස්වීමේදී ප්‍රධාන වශයෙන්ම සාකච්ඡාවට ගනු ලබන්නේ හෙට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග පැවැත්වෙන විශේෂ සාකච්ඡාව පිළිබදව හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවත්සරික උළෙල පිළිබඳව බවයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග හෙට (27) පැවැත්වෙන සාකච්ඡා සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් එහි මහ ලේකම් දයාසිරි ජයසේකර, උප සභාපති මහින්ද අමරවීර සහ නියෝජ්‍ය ලේකම් ලසන්ත අලගියවන්න යන මන්ත්‍රීවරුන් සහභාගී වේ.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් එහි ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ, පක්ෂයේ සභාපති මහාචාර්ය ජී.එල්.පීරිස් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම ඒ සදහා සහභාගී වීමට නියමිතය.
theleader.lk