'පරණ හොරු සහ අලුත් හොරු එකට තබා පරාජය කරනවා'

පරණ හොරු සහ අලුත් හොරු එකට තබා පරාජය කිරීමට ජනතා විමුක්ති පෙරමුණ සූදානම් බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්  පවසයි.

ඔහු මේ බව පවසා සිටියේ බත්තරමුල්ල පැලවත්ත පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ  මාධ්‍ය හමුවක් අමතමිනි.

මෙතෙක් බලයට පැමිණි ආණ්ඩු මෙරට ආර්ථිකය විශාල ආගාධයකට ඇද දමා ඇති බවත් එහි ප්‍රතිඵල ලෙස වර්තමානයේ අත්විදින සමාජ පරිහානිය නිර්මාණය වී ඇති බවත් විජිත හේරත් මහතා පවසා සිටියි. පසුගිය පාලනයන් සියල්ල ආර්ථිකය කඩා බිඳ දැමූ බවත් ජාතිවාදී ගැටුම් නිර්මාණය කරමින් මහජන ආරක්ෂාව පවා අනතුරේ හෙලූ බවත් ඔහු වැඩිදුරටත් පවසයි.

නිර්මාණය වූ මෙම වාතාවරණය තුළ ඉදිරි මැතිවරණ අපේක්ෂකයන් කුමන ආකාර විය යුතු දැයි ආගමික නායකයින්ට පවා ප්‍රතිපත්ති ලේඛන සැකසීමට සිදුවූ බව විජිත හේරත් පෙන්වා දුන්නේ ය.

එසේම ජනතාව ද විකල්ප බලයක් ඉල්ලා සිටීමට පෙලඹී ඇතැයි ද විජිත හේරත්  පැහැදිළි කර සිටියි. කෙසේ වෙතත්  අපේක්ෂකයන් ඉදිරිපත් කිරීමේදී එම කරුණු ද නොසලකා හැර ඇතැයි ද ජනතා විමුක්ති පෙරමුණ පරණ හොරු සහ අලුත් හොරු එකට තබා පරාජය කිරීමට විකල්ප බලවේගය ගොඩනගන බව ද ඔහු අවධාරණය කළේය.

Search