සාගල, ගෝඨාගේ නිවසේ රහස් කතා - කබිර්ට මාට්ටුයි!

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ කාර්ය මණ්ඩල ප්‍රධානි, අමාත්‍ය සාගල රත්නායක, 'පොහොට්ටු' පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ සමග රහස් සාකච්ජාවක් පවත්වමින් සිටියදී එජාපයේ සභාපති කබීර් හෂීම් අමාත්‍යවරයාට මාට්ටු වී ඇත.

ඒ කබීර් හෂීම් අමාත්‍යවරයා ඊයේ (04) සවස හදිසියේම ගෝඨාභය රාජපක්ෂගේ නිවසට ගිය අවස්ථාවේදීය.

මිට මාස කිහිපයකට පෙර කබීර් හෂීම් අමාත්‍යවරයා අසනීප තත්වයෙන් සිටියදී ගෝඨාභය රාජපක්ෂ සහ ඔහුගේ මිතුරු දිලිත් ජයවීර පුර්ව දැනුම් දීමකින් තොරව ඇමතිවරයාගේ නිවසට පැමිණ සුවදුක් සොයාබලා ඇත. ඊට කෘතගුණ දැක්වීමක් ලෙස කබීර් හෂීම් අමාත්‍යවරයා, වෛද්‍ය ප්‍රතිකාරවලින් පසු යලි දිවයිනට පැමිණ සිටින  ගෝඨාභයගේ සුවදුක් බැලීමට ඊයේ හදිසියේම ඔහුගේ නිවසට ගොස් ඇත.

ඒ අවස්ථාවේ සාගල රත්නායක අමාත්‍යවරයා ද එම නිවසේ කාමරයක ගෝඨාභය රාජපක්ෂ සමග සාකච්ජාවක නිරතව සිට ඇති අතර කබීර් හෂිම් දැකීමෙන් තිගැස්මකට ලක්ව ඇති සාගල ඇමතිවරයා ගොත ගසමින් වචන කිහිපයක් කතාකර තිබේ.

අනතුරු ඔවුන් දෙදෙනාට කතාකිරීමට ඉඩදී කබීර් හෂීම් අමාත්‍යවරයා වහාම එමනිවසින් පැමිණ තිබේ.

සාගල රත්නායක අමාත්‍යවරයා පසුගිය සතියේ දිනක ගෝඨාභය රාජපක්ෂ හමුවී සාකච්ජා පවත්වමින් සිටිබවට පෙරේදා (03) දිනයේ අගමැති හමුවූ අවස්ථාවේදී එජාප මන්ත්‍රීවරයකු සඳහන් කරතිබින.

සාගල රත්නායක පොලිසිය බාර අමාත්‍යවරයා ලෙස සිටියදී ගෝඨාභයට එරෙහි නඩු කටයුතු වලදී පොලිසියට අනිසි බලපෑම් කර තිබෙන බව ජනාධිපතිවරයාද මිට ඉහතදී ප්‍රකාශකර තිබිණ. ඔහුට පොලිසිය බාර අමාත්‍ය ධුරය අහිමිවීමට එයද හේතුවක් විය.

(theleader.lk)

Search