ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය 2012 දී CSN කියන අලුතෙන්ම පිහිටුවපු නාලිකාවකට වසර තුනක් සඳහා ලංකාවේ ක්‍රිකට් විකාශන අයිතිය ලබා දුන්න. මේ CSN (Carlton Sports Network), එවකට රට පාලනය කළ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුතාලට අයිති නාලිකාවක් කියල බොහෝ දෙනා සැක කළ

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය 2012 දී CSN කියන අලුතෙන්ම පිහිටුවපු නාලිකාවකට වසර තුනක් සඳහා ලංකාවේ ක්‍රිකට් විකාශන අයිතිය ලබා දුන්න.   මේ CSN (Carlton Sports Network), එවකට රට පාලනය කළ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුතාලට අයිති නාලිකාවක් කියල බොහෝ දෙනා සැක කළ

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය 2012 දී CSN කියන අලුතෙන්ම පිහිටුවපු නාලිකාවකට වසර තුනක් සඳහා ලංකාවේ ක්‍රිකට් විකාශන අයිතිය ලබා දුන්න.


මේ CSN (Carlton Sports Network), එවකට රට පාලනය කළ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුතාලට අයිති නාලිකාවක් කියල බොහෝ දෙනා සැක කළත් ඒක සනාථ කරන්න කිසිම සාක්කියක් තිබුණෙ නැහැ. අලුත් නාලිකාවකට ක්‍රිකට් විකාශන අයිතිය දුන්නෙත් ඒ නිසාම බවත් බොහෝ දෙනා විශ්වාස කළා.

නමුත් සීඑස්එන් නාලිකාවේ ප්‍රධාන විධායක නිශාන්ත රණතුංගත්, රාජපක්ෂ පවුලත් ඒ චෝදනා ප්‍රතික්ෂේප කළා.

csn

අලුතෙන්ම නවීන උපකරණත් අරගෙන අලුත් නාලිකාවක් ආරම්භ කරන්න තරම් නීත්‍යානුකූල මාර්ගවලින් වත්කමක් හොයාගන්න රාජපක්ෂ පුතුන්ට හැකියාවක් තිබුණෙ නැහැ. ඇත්තටම ඔවුන් CSN නාලිකාවට යොදාගෙන තිබුණෙ රාජ්‍ය නාලිකාවලට අයත් දේපොළ සහ උපකරණ.

ඒ දවස්වල බීබීසී සංදේශය වෙනුවෙන් ක්‍රීඩා cover කළේ මම. cover කරනවා කියන්නේ ස්කෝර් වාර්තා කිරීම නෙවෙයි - අපි කථා කළේ ක්‍රිකට් ඇතුළු ක්‍රීඩාවන් එක්ක බැඳුන දේශපාලනය සහ දූෂණ ඇතුළු ආන්දෝලන ගැන. මට මතකයි ඒ දවස්වල රාවයේ ක්‍රීඩා කර්තෘ මංජුල වෙඩිවර්ධනත් ගොඩක් වෙලාවට මේ හෙළිදරවු කිරීම්වලට එකතුවුනා.

upali
ඔය අතරේ දවසක් මම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති උපාලි ධර්මදාස ගෙන් interview එකක් අරගෙන CSN නාලිකාවට විකාශන අයිතිය පැවරීම සහ නාලිකාවේ අයිතිකරුවන් ගැනත් ප්‍රශ්න කළා.  

උපාලි ධර්මදාස ගෙන් ලැබුණේ මම බලාපොරොත්තු නොවුණ පිළිතුරක්. "ඉතින් රටේ ජනාධිපති තුමාගේ පුත්තුන්ගේ ආයතනයක් කියල ඒ ආයතනය අහක දාන්නද කියන්නේ?," කියල ඔහුට එකපාරටම කිය වුණා.

එතෙක් ප්‍රසිද්ධ රහසක් වෙලා තිබුණ සීඑස්එන්, ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුතාලට අයිති නාලිකාවක් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පළමුවරට පිළිගත්තෙ ඒ විදියට. (සබැඳි ලිපිය මතු පළවේ).

කොහොම වුණත් එම නාලිකාවට ක්‍රිකට් විකාශන අයිතිය ලබාදුන්නේ එය ජනපති පුතුන්ගේ නාලිකාවක් නිසා නොවන බවත් ඔහු අවධාරණය කළා.

නාලිකාවට විකාශන අයිතිය දෙන්න කියල තමන්ට කිසිදු දේශපාලන බලපෑමක් එල්ල නොවූ අතර, එහිදී සියල්ල ටෙන්ඩර් පටිපාටියට අනුව සිදුවූ බවත් සභාපතිවරයා කියා සිටිය.

මට මතක විදියට උපාලි ගේ ඒ ප්‍රකාශය නිසා ඔහු සහ නිශාන්ත රණතුංග අතරත් මත ගැටුමක් හටගත්ත. මහින්ද සහ පුතාල ගෙනුත් ඔහුට දෝෂදර්ශනයක් එන්න ඇති. නාලිකාව තමන්ගේ කියන චෝදනාව නාමල් සහ යෝෂිත දිගින් දිගටම ප්‍රතික්ෂේප කළා. නමුත් උපාලි ධර්මදාස ගේ ප්‍රකාශය නිසා ඔවුන් හංගගෙන හිටපු දේ තවදුරටත් රහසක් වුණේ නැහැ.

yoshitha

ඊට කාලෙකට පස්සේ යහපාලන ආණ්ඩුවේ පාලනය යටතේ රාජ්‍ය දේපොළ අයථා භාවිතය  සහ හෙළි කළ නොහැකි අරමුදල් යොදා ගනිමින් CSN නාලිකාව පවත්වාගෙන යාමේ චෝදනා යටතේ යෝෂිත රාජපක්ෂ අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.  



(සටහන | සරෝජ් පතිරණ)
බීබීසී හිටපු ජ්‍යෙෂ්ඨ සම්පාදක

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

(Saroj Pathirana ෆේස්බුක් පිටුවෙන්...)
2026 අප්‍රේල් 25


සබැඳි ලිපිය :

සීඑස්එන් නාලිකාව ජනපති පුතුන්ගේ - ශ්‍රී ලංකා ක්‍රිකට් 

theleader.lk 

Search