අනුරට වඩා අර්බුදය ලොකු වීම...

අනුරට වඩා අර්බුදය ලොකු වීම...

තැන් කීපයක දැක්ක ඊළඟට ආයේ රනිල්ට කොටයක් අදින්න වෙයිද වගේ කතාවක් යනවා. ඒක විහිළුවක් උනත් යම් වෙලාවක ඇත්තක් වෙන්නත් පුළුවන්. මොකද ඊයේ පෙරේදා QR එක එක්ක හිටපු ඇමති කංචන ආයේ උඩට ආව.


පැරදිලා ගෙදර ගිය එයාල උඩට එන්නේ මෙයාල පොඩි නිසා කියලයි මට හිතෙන්නේ.



මේ යන විදියට රනිල්, නාමල්, චම්පික වගේ ඔය ඕනෑම එකක් වෙන්නත් පුළුවන්. මොකද මේ ආණ්ඩුව ඇතිවෙලා තියන බැරෑරුම් ප්‍රශ්න සම්බන්දයෙන් ප්‍රතිචාර දක්වන විදිය ගත්තම ඇත්තටම තව මාස කීපයක් ට්‍රම්ප් - බෙන්ජා - ඉරාන් යුද්දය අදුනොත් මීට වඩා අර්බුදයකට අපි යන්න පුළුවන්.

 

power cut 25.02.10

බලශක්ති අර්බුදය එක්ක විදුලිය කප්පාදුව සහ ඉන්ධන නැති නිසාම ස්වභාවික ලොක් ඩවුන් එකක් දක්වා යන්නත් පුළුවන්. මොනවා සම්බන්දයෙන්වත් ටයිම් ලයින් එකක් නැහැ.

 

දැනටත් දවසක් නිවාඩු. කාටවත් අදහසක් නැහැ මොකද කරන්නේ කියල. උදාහරණ වශයෙන් කැම්පස් බදාදා නිවාඩු නම් ඔන්ලයින් යනවද නැද්ද යන්න සම්බන්දයෙන් තවමත් තීරණයක් නැහැ. එන එන විදියට තමයි කරන්නේ. මම කියන්නේ එක උදාහරණයක්.

 

ඇත්තටම ජනාධිපතිතුමා කොච්චර සූදානම් කිව්වත් ඒක දැන් කවුරුත් විශ්වාස කරන්නේ නැහැ. ඒකට හොදම උදාහරණය තෙල් පෝලිම්.


akd meeting

තෙල් පෝලිම්වල මල්ලිලා ආණ්ඩුවට වඩා සූදානමින් ඉන්නේ. දැන් දවස් ගානක් තිස්සේ එයාල සූදානම්. හයර් දුවන්නෙත් නැහැ පෝලිම්වල ඉඳල තෙල් එකතු කරනවා. ඒ නිසා පෝලිම් ඉවරවෙන්නේ නැහැ. අනිවා කළු කඩයක් එන්න නියමිතයි.

 

ඊයේ ජනාධිපතිතුමාගේ කතාවෙන් එහෙම ලොකු අදහසක් රටට දුන්නෙත් නැහැ. ඇත්තටම දෙන්නත් බැහැ. ඒක ඇත්ත. අනික මේ ආණ්ඩුව ඇත්ත කියනවා කියල කිසිම සහතිකයක් නැහැ. ඒ නිසා මිනිස්සු ඉන්නේ එයාලගේ පුද්ගලික තීරණවල. ඒකට කරන්න දෙයක් නැහැ. ලොකු හැඟවුමක් (collective signifier) නැති වෙනකොට තියෙන්නේ පුද්ගලික ඒවා තමයි.

 

gas polim 2 1000px
අර්බුදය වෙනුවෙන් ආණ්ඩුව පැත්තෙන් පුරෝකතනය කරන සහ සූදානම් වෙන ස්මාට්බවක් නම් දැක්කෙම නැහැ. ඒ නිසා රට අවුල්වෙමින් යන්නේ. හරියටම නිකම් ගෝඨාභයගේ කාලේ වගේ හැඟීමක් එනවා.

හේතුව හැමවිටම පවතින ආණ්ඩුවට වඩා අපිට මුහුණදෙන්න යෙදෙන අර්බුදය ලොකුයි....ඒක අපේ අවාසනාවක්.

 

එකම ප්‍රාර්තනාව බෙන්ජගේ යුද්දේ ඉක්මණට ඉවරවෙන්න කියන එක විතරයි.

 

 

Mahesh Hapugoda
(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)

theleader,lk 

Search