'වුල්වර්හැම්ප්ටන්' නඩු විශ්ලේෂණය සහ ගවේෂණාත්මක පුවත් කලාවේ යථාර්ථය: පාඨකයන් සහ විවේචකයන් වෙත කරන පැහැදිලි කිරීමක්

'වුල්වර්හැම්ප්ටන්' නඩු විශ්ලේෂණය සහ ගවේෂණාත්මක පුවත් කලාවේ යථාර්ථය: පාඨකයන් සහ විවේචකයන් වෙත කරන පැහැදිලි කිරීමක්

අප වෙබ් අඩවිය ඔස්සේ මෑතකදී පළ කරන ලද "රනිල්ගේ වුල්වර්හැම්ප්ටන් නඩුවේ නවතම හැරවුම: සමන්ගේ අත්අකුරු හොයද්දී සරෝජාගේ ලියකියවිලි වසන් කරන්නේ ඇයි?" යන විමර්ශනාත්මක ලිපිය මේ වන විට දේශපාලන සහ නීති ක්ෂේත්‍රය තුළ දැඩි කතාබහකට ලක්ව තිබේ.

එම ලිපියට සහ නෛතික විශ්ලේෂණයට ප්‍රවේශයක් ලෙස අප පාදක කරගත්තේ, සන්ඩේ ටයිම්ස් (Sunday Times) පුවත්පතේ පළවූ දේශපාලන තීරු ලිපියක (Political Column) අන්තර්ගත වූ කරුණුය. විශේෂයෙන්ම හිටපු ජනාධිපතිවරයාගේ ලන්ඩන් සංචාරයට අදාළව අධිකරණය හමුවේ මෙතෙක් හෙළිදරව් වී ඇති කරුණු සහ විමර්ශනවල ස්වභාවය පිළිබඳව එකී ඉංග්‍රීසි මාධ්‍ය වාර්තාවේ කරුණු ගෙනහැර දක්වා තිබුණි.

wolver239

එහෙත්, අපගේ මෙම විශ්ලේෂණාත්මක ලිපිය පළවීමෙන් පසු ඇතැම් පාර්ශවයන්ගෙන් චෝදනාවක් සහ විවේචනයක් එල්ල වී ඇත්තේ, සන්ඩේ ටයිම්ස් හෝ ඩේලි මිරර් පුවත්පත්වල පළවූ මුල් වාර්තාවල අපගේ ලිපියේ අඩංගු 'සියලුම කරුණු ඒ ආකාරයෙන්ම' සඳහන් වී නොමැති බවත්, එබැවින් අපගේ ලිපිය අසත්‍යයක් බවත්ය.

මෙහිදී ගවේෂණාත්මක ජනමාධ්‍යවේදය (Investigative Journalism) සහ දේශපාලන විශ්ලේෂණය (Political Analysis) යනු කුමක්දැයි වටහා ගැනීම අත්‍යවශ්‍ය වේ.

 

මාධ්‍යවේදියෙකු හෝ දේශපාලන විශ්ලේෂකයෙකු යම් පුවත්පත් වාර්තාවක් මූලාශ්‍රයක් ලෙස ගෙන පුළුල් ලිපියක් සකස් කරන්නේ, එම මුල් වාර්තාවේ ඇති අකුරු ඒ ආකාරයෙන්ම සිංහලට පරිවර්තනය කිරීමෙන් නොවේ. මුල් පුවත් වාර්තාව මගින් ලබා දෙන්නේ සිද්ධියට අදාළ මූලික නඩු නිමිත්ත සහ අධිකරණයේ සිදුවූ දෑ පිළිබඳ දත්ත (Data) පමණි. දේශපාලන විශ්ලේෂකයෙකු කරන්නේ එම දත්ත සහ වාර්තා කියවීමෙන් ජනිත වන දේශපාලනික සහ නෛතික අදහස (Political and Legal Hypothesis) පදනම් කරගෙන, සිද්ධියේ නොපෙනෙන මානයන් තාර්කිකව විච්ඡේදනය කිරීමයි.

 

 

000001 1

 

අපගේ ලිපියෙන් අප කළේ එයයි. මුල් පුවත් වාර්තාවල තිබූ දත්ත පදනම් කරගෙන, ලන්ඩන් සංචාරය හා බැඳුණු අනෙකුත් පාර්ශවයන්ගේ (උදා: සරෝජා සිරිසේන මහත්මියගේ) භූමිකාවත්, අපරාධ පක්ෂරීණ දෙපාර්තමේන්තුවේ විමර්ශනවල පවතින පරස්පරතා සහ දේශපාලන බලපෑමුත් නීතිමය කෝණයකින් තර්කානුකූලව ප්‍රශ්න කිරීමයි. හුදු වාර්තාකරණයකට (Reporting) වඩා ඔබ්බට ගිය ගවේෂණාත්මක පුවත් කලාව යනු එයයි. එය කිසිසේත්ම මුල් ඉංග්‍රීසි ලිපියේ සෘජු පරිවර්තනයක් යැයි කෙනෙකු වටහා ගන්නේ නම්, එය ජනමාධ්‍ය භාවිතය පිළිබඳ අවබෝධයේ ගැටලුවකි.

 

එබැවින්, දේශපාලන විශ්ලේෂණයක් යනු සෘජු පරිවර්තනයක් යැයි වරදවා වටහාගෙන ප්‍රශ්න නගන පිරිස් වෙත නිරවුල් අවබෝධයක් ලබා දීම අපගේ වගකීමකි.


2019 වසරේ ආරම්භකරන ලද theleader.lk පුවත් විශේෂාංග වෙබ් අඩවිය මේවනවිට දේශපාලන - ආර්ථික - සමාජීය විෂයන් සම්බන්ධයෙන් විශ්ලේෂනාත්මක ලිපි ලේඛන සිය දහස් ගණනක් ප්‍රකාශය පත් කර ඇති අතර ඒ සියලු ලිපි ලේඛන පළකර ඇත්තේ මාධ්‍ය සාධාරණයට හා පවතින නීති අනපනත් යටත්ව බව කාරුණිකව දන්වා සිටියි.



'වුල්වර්හැම්ප්ටන්' නඩුවට අදාල  අපගේ විමර්ශනාත්මක ලිපියට ප්‍රවේශය සහ මූලික දත්ත ලබාගත් සන්ඩේ ටයිම්ස් ලිපියේ සබැඳිය (Link) පහතින් දක්වා ඇත.


මූලාශ්‍ර ලිපිය (Sunday Times):
India’s reach within NPP govt. expands amid growing diplomatic niceties

keshal jayasinghe

(සටහන | කෙෂාල් ජයසිංහ )
දේශපාලන ලිපි සම්පාදක (theleader.lk)

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 WhatsApp Image 2026 02 20 at 1.50.28 PM

 

[theleader.lk] 

Search