රුපියල් කෝටි එක්දහස් අටසීයක් පමණ වටිනා එළවළු සහ පලතුරු වාර්ෂිකව අපතේ යන බවත් එම ප්‍රමාණය මෙරට සමස්ත පරිභෝජනයට මාස 02-04 අතර කාලයකට ප්‍රමාණවත් බවත් සිදු කළ පර්යේෂණවලදී හඳුනාගෙන ඇත.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන කීපයක් විසින් මෙම පර්යේෂණය කර තිබේ.
මෙහිදී වාර්ෂිකව එළවළු මෙටි්‍රක් ටොන් ලක්ෂ 02ක්, පලතුරු මෙටි්‍රක් ටොන් ලක්ෂ 03ක් ලෙස මෙට්‍රික් ටොන් ලක්ෂ පහකට අධික ප්‍රමාණයක් ප්‍රවාහනයේ දී පමණක් අපතේ යන බව සිදු කළ පර්යේෂණවල දී තහවුරු වී ඇත.
ඒ අනුව ප්‍රවාහනයේ දී සියයට 30-40 පමණ අපතේ යන බව සමීක්ෂණවල දී හඳුනාගෙන තිබේ.
නෙළා ගන්නා කෘෂි අස්වැන්න ගොවි බිමේ සිට සිල්ලර වෙළෙඳපළ දක්වා සැපයීමේදී ඉහළම අපතේ යෑම සිදුවෙයි. ගෘහස්ථ පරිභෝජනයේ දී ද යම් ප්‍රතිශතයක් අපතේ හරින බව කෘෂි ක්ෂේත්‍රයේ විද්වත්හු පවසති.
වාර්ෂිකව රුපියල් කෝටි 1800 ක පමණ නාස්ති කෙරෙන එළවළු සහ පලතුරුවලින් ප්‍රවාහනයේ දී සිදු කෙරෙන නාස්තිය සියයට 10ක් පමණ හෝ අවම කර ගැනීමෙන් ජාතික ආර්ථිකයට සහ ගොවි ආර්ථිකයට අවම වශයෙන් සියයට 60 ක පමණ ප්‍රතිලාභ හිමි වෙන බව තහවුරු කරගෙන ඇත.
හඳුන්වාදී ඇති නිර්දේශවලට අනුව සිදුවන නාස්තිය සියයට 5.7ක් පමණ දක්වා අවම කර ගැනීමේ හැකියාව පවතියි. ලබාදී ඇති නිර්දේශ, අනුගමනය කළ යුතු උපදෙස් ගැනුම්කරුවන්, අතරමැදි/සිල්ලර වෙළෙන්දන් සහ ගොවීන් අනුගමනය නොකරන බවද හෙළි වී ඇත.