රිතික් රෝෂන් ලංකාවට

රිතික් රෝෂන් ලංකාවට

බොලිවුඩ් සුපිරි නළු රිතික් රෝෂන් එළඹෙන අගෝස්තු 02 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

“City of Dreams Sri Lanka ” දැවැන්ත හෝටල ව්‍යාපෘතියේ විශේෂ විවෘත උත්සවය සදහා විශේෂ ආරාධිතයා ලෙස රිතික් මෙලෙස සහභාගී වන බව වාර්තාවේ.

දකුණු ආසියාවේ පළමු ඒකාබද්ධ සංචාරක හෝටල් සංකීර්ණය වන City of Dreams Sri Lanka හි සමාරම්භක අවස්ථාවට විශේෂ ආරාධිත අමුත්තා ලෙස සහභාගවීමට නියමිතව සිටියේ සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් ය.

කෙසේ වෙතත් නොවැළැක්විය හැකි හේතුවක් මත ඔහු සහභාගී නොවීම පිළිබඳව ඔහුගේ නිල ඒජන්සි ආයතනය වන WizCraft විසින් පසුගිය දා දන්වා සිටින ලදී.

කෙසේ වෙත සුපිරි බොලිවුඩ් නළු රිතික්ගේ පැමිණීම ගැන City of Dreams Sri Lanka මුහුණු පොත වෙත එක්කර තිබේ

Search