ඉන්දියාවේ ඊයේ සිදු වූ බිහිසුණු ගුවන් අනතුරෙන් දිවි බේරාගත් එකම ගුවන් මගියා තමා මුහුණදුන් බිහිසුණු අත්දැකීම පළමු වරට මාධ්‍යයට හෙළි කර තිබෙනවා.
එලෙස ලොවම මවිත කරමින් දිවි බේරා ගත්තේ, රමේෂ් විශ්වකුමාර් නැමති බි්‍රතාන්‍ය පුරවැසිභාවය සහිත 40 හැවිරිදි ඉන්දියානුවෙක්.
අනතුරට පත් වූ යානය නික්මි විනාඩියකට අඩු කාලයකදී එහි විශාල පිපිරුම් ශබ්දයක් ඇසුණු බවත් තමා යානයෙන් පිටතට විසිවූ ආකාරය පවා නොදන්නා බවත් ඔහු ඉන්දීය මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර තිබෙනවා.
එම ගුවන් යානයේ 11 ‘ඒ’ දරණ අසුනේ රැඳී සිට ඇති ඔහු ආරක්ෂිත පටි ගලවා දමා යානයේ හදිසි දොරටුවෙන් පැන ඇති බවට මීට පෙර වාර්තා පළ වුණා.
අනතුරින් පස්සේ ඔහු තුවාල සහිතව ඇවිද යන ආකාරය දැක්වෙන වීඩියෝවක් ද සමාජ මාධ්‍යවල සංසරණය වුණා.
කෙලෙස හෝ තමාව කිසිවෙකු විසින් ගිලන් රථයකට නංවාගත් අයුරු මතක බවත් සඳහන් කර ඇති එම පුද්ගලයා අනතුරට ලක් වූ යානයේ සිටි බොහෝ දෙනෙකුගේ මළ සිරුරු දුටු බවත් පවසා තිබෙනවා.
මෙම පුද්ගලයාගේ සුවදුක් විමසීම සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ද අද ඔහු ප්‍රතිකාර ලබන රෝහල වෙත පැමිණ තිබුණා.
ඉන්දියාවේ, අහමදාබාද් හීදී සිදු වූ මෙම ගුවන් අනතුරෙන් අදාල ගුවන් යානයේ ගමන් ගත් මගීන් 242 දෙනාගෙන් 241 දෙනෙකුම ජීවිතක්ෂය පත් වුණා.
අනතුරට ලක් වූ යානය ගැටුණු ගොඩනැගිල්ලේ සිටි පිරිසක් ද ජීවිතක්ෂයට පත්ව ඇති අතර ඒ අනුව මෙම අනතුර හේතුවෙන් මිය ගිය ගණන 290ක් පමණ වන බව ඉන්දීය මාධ්‍ය වාර්තාවල සඳහන්.
මෙම ගුවන් අනතුරට හේතුව සොයා තවදුරටත් පුළුල් විමර්ශන සිදු කෙරෙනවා.
අනතුර පත් වූ යානයේ එක් කළු පෙට්ටියක් ද සොයාගෙන ඇති අතර ඒ අනුව අනතුරට හේතුව බොහෝ දුරට අනාවරණ වනු ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.