එක්සත් රාජධානියේ වෙසෙන ආනන්ද මියුසියස් ආදි සිසු සිසුවියන්ගෙන් පරණවාඩිය...

 එක්සත් රාජධානියේ වෙසෙන ආනන්ද මියුසියස් ආදි සිසු සිසුවියන්ගෙන් පරණවාඩිය...

එක්‌සත් රාජධානියේ ආනන්ද විද්‍යාලීය ආදී සිසුන්ගේ ක්‍රීඩා සංගමය සහ ආදී මියුසියස් විද්‍යාලීය සිසුවියන්ගේ සංගමය ඒකාබද්ද වී සංවිධානය කල මියුරු සංගීත   ප්‍රසංගයක් " පරණවාඩිය " නමින් පසුගියදා ලන්ඩ නයේ වෙම්බ්‍ලි හිදී අතිවිශාල ශ්‍රී ලාංකීයන්ගේ සහබාගිත්වයෙන් පැවැත්විනි. 

 
ශ්‍රී ලාංකික ප්‍රසංග කලාවේ අතිශය ජනප්‍රිය නව පරපුරේ ගායන  ශිල්පියෙකු වන දුමාල් වර්ණකුලසුරිය, සහ ආදී ආනන්දියෙකුද වන ජනප්‍රිය ගායක මදුමාදව අරවින්ද මෙන්ම විශාරද වීරසිරි මල්වත්ත, විශාරද අනුෂා මල් වත්ත සහ සංගීත විශාරද දනුෂා සමන්මලී රත්නායක ද මෙහිදී ගීත ගායනා කළහ. ඊට අමතරව සංගීත කලාව ප්‍රගුණ කල එංගලන්තයේ වෙසෙන තවත් ශ්‍රී ලාංකීකයෝද ගීත ගායනා කල අතර නර්තන අන්ග රැසකින්ද මෙම සංගීත ප්‍රසංගය වර්ණවත් කෙරිණි.සංගීතය මෙහෙයවූයේ විමර්ශ ජයසිංහ ප්‍රමුඛ විරාග වාද්‍ය වෘන්දයෙනි.
 
 වාර්ෂිකව මෙයාකාරයේ උසස් ප්‍රමිතියෙන් යුතු සංගීත ප්‍රසංග ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් සංවිධානය කිරීමට බලාපොරොත්තු වනබව ආනන්ද විද්‍යාලයේ ක්‍රීඩා සංගමයේ සබාපති චින්තක ගුනවර්දන මහතා සහ මියුසියස් විද්‍යාලයේ සබාපතිනි නීතිවෙදිනී චමිලා උඩගෙදර මහත්මිය පැවසුහ. 
 
ජයාරූප - ට්‍රේවෝන් සිමෝන්ස්
සටහන - සාරංගා අරන්දර
IMG 20250529 WA0016
 

IMG 20250529 WA0018

 

IMG 20250529 WA0021

 

Search