ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන්ගේ 75 වැනි ජන්ම දින සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායකගේ සහභාගීත්වයෙන් අද පැවැත්වුණා.
ඒ හම්බන්තොට රුහුණු මාගම්පුර ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී.
ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඇතුළු දෙස් විදෙස් භික්ෂූන් වහන්සේ මෙන්ම දේශපාලන නියෝජිතයින් ඇතුළු පිරිසක්ද ඊට එක්ව සිටියා.
එහිදී ආචාර්ය පූජ්‍ය ඕමල්පේ හිමියන් විසින් රචනා කරන ලද කෘති දෙකක් මහ නායක මහා නාහිමිපාණන් වහන්සේ ඇතුළු සංඝරත්නයටත් ජනාධිපති අනුර කුමාර දිසානායකටත් පිරිනමනු ලැබුවා.