ගෙවුණු මාස 5ට සංචාරකයින් මිලියනය ඉක්මවයි

ගෙවුණු මාස 5ට සංචාරකයින් මිලියනය ඉක්මවයි

2025 ජනවාරි 01 සිට මැයි 25 දක්වා විදේශීය සංචාරකයින් 1,006,097ක් මෙරටට පැමිණ තිබෙනවා.

මැයි 24 වන දින සංචාරකයින් මිලියනක සීමාව පසු කළ අතර එය ඕනෑම වසරක් තුළ අඩුම කාලයකින් සංචාරකයින් මිලියනක සීමාව පසු කළ වාර්තාව බවට පත් විය. සංචාරකයින් වැඩි වශයෙන් ආකර්ෂණය කිරීමේ අරමුණින් විවිධ ක්‍රියාමාර්ග රජය ක්‍රියාත්මක කළ බව අමාත්‍ය විජිත හේරත් මහතා සදහන් කළේ ය. එමෙන්ම, මේ වසර අවසන් වන විට සංචාරකයින් මිලියන 03ක් ආකර්ෂණය කරගැනීම රජයේ ඉලක්කය වී ඇති බව ඒ මහතා සදහන් කළේ ය

Search