එව්වා මෙව්වා මොනවා උනත් අපි තාම ක්‍රිකට් වලට ආදරෙයි

උන් එදා කැමරාව ඇල්ලුවේ ground එක මැදටනේ. එකයි මිලින්දල, මැතිව්ස්ල අඩන එක දැක්කේ.

කරුමෙට වගේ කව්ද එකෙක් ලංකාවේ කොඩි දෙකක් මුණ දෙපැත්තේ ගහගෙන, 300 ටිකට් එකක් අරගෙන, රබර් සෙරෙප්පු දෙකක් දාගෙන, 6ක් ගහපන් කියල බෝඩ් එකකුත් අල්ලාගෙන ඉන්න එකෙක්ගේත් ෆොටෝ එකක් ගහල. දැන් බලහන් උගේ කදුළු.

උබලට වගේ ටෙස්ට් මැච් එකකට 750,000ක් , එක්දින එකකට 400,000ක් තරගේ වීරයා උනාම 500,000ක්, 100ක් ගැහුවම 750,000ක් හම්බෙන්නේ නෑ. අපි එහෙම ඉල්ලන්නෙත් නෑ, උබලට එහෙම දෙන්න එපා කියල අපි කියන්නෙත් නෑ.

උ අඩන්නේ උබල පැරදුනු එකට, රට පැරදුනු එකට. ඊයෙ කෝලි ටොස් එක දිනලා කියනව අද අනුකම්පා විරහිතව ගහනවා කියල අපිට ( "Couldn't have asked for anything better. It's about being ruthless. We don't want to take the foot off the pedal" ). එහෙම කියල උ 131ක් ගහනවා. ඉන්දියාව 375ක් ගහනවා.

හිතපන් ලංකාවේ ක්‍රිකට් වලට ගිහිපු කාලේ. dressing රූම් එකට බිස්කට්, බියර් ගෙන්න එපා කිව්වා කියල දික්වල්ලයි, මෙන්ඩිසුයි, ගුණතිලකයි උඩට complain කරනවා ගුරුසින්හත් එක්ක බෑ කියල.

එක දැකල දයාසිරි ගුරාට බැනළලු. ඉස්සල්ලේ හදාපල්ලා team එකේ discipline, පස්සේ පුළුවන් ක්‍රිකට් හදන්න. discipline නෑ කියල හතුරුසිංහ ෂකිබ්ව මැච් 3කින් අයින් කරානම් බංග්ලාදේශ් team එකෙන්, ඇයි අපිට බැරි එකෙක් දෙන්නෙක් අයින් කරලා කියන්න discipline නැත්තම් කොච්චර වැඩ්ඩේක් උනත් team එකේ නෑ කියල, වෙලාවට ප්‍රැක්ටිස් එන්නේ නැති උන්ව අයින් කරපන්.

එහෙම කරානම් අපේ එවුන් හැදෙනවා. හැම මැච් එකේම run out දෙකක් 3ක්, අතට ගහල දුවන්න ගිහින් කෙලවගන්නවා. උඩ පන්දු දෙකක් තුනක් අතාරිනවා. ලක්ස 4ක් පඩි දීල මුන් යවන්නේ ඕකටද?.

එව්වා මෙව්වා මොනවා උනත් අපි තාම ක්‍රිකට් වලට ආදරෙයි, හැබැයි තා වැඩි දවසක් තියන එකක් නෑ ඒක මේ විදියට. වැඩිය ඕනේ නෑ, ඔය ඔක්කොම අමතක වෙලා යන්නත් එක්ක එන මැච් එක දිනවල දියන්, බුම්රගේ ඕවර් 10ට 70ක් 80ක් ගහපන්, පාන්ඩ්යට 6 ඒවා 3ක් 4ක් ගහපන්. ඔකුන්ගේ පොඩ්ඩක් ලයින් බස්සල ආපහු යවහන්. ඒ ඇති යකෝ සැප්තැම්බර් මාසෙටම.

සල්ලි හම්බෙනවට නෙමෙයි, උබලගේ රටට, උබල දිනනකන් නොකා නොබී ground එකට ඇවිත්, එහෙම නැත්තනම් tv එක ඉස්සරහ ඉන්න උන් වෙනුවෙන් සෙල්ලම් කරපන්. හැමදාම කැල් එක අරන්, උබලගේ ඇවරේජ් හදන උන්ට, දවස ගානේ cricinfo ගිහින් උබලගේ ranking බලල සතුටු වෙන උන් වෙනුවෙන් සෙල්ලම් කරපන්. එදාට අයෙත් අපි උබලට ආදරය කරවී.

image credits - ගහපු එකාට.

බුද්ධික නුවන් දහනායක

Search