තලපති විජේ තමිල්නාඩු මහ ඇමති ලෙස පත්කරයි

තලපති විජේ තමිල්නාඩු මහ ඇමති ලෙස පත්කරයි


තමිල්නාඩු ප්‍රාන්තයේ නව මහ ඇමතිවරයා ලෙස තමිලග වෙන්ට්‍රි කළගම් (TVK) පක්ෂයේ නායක ජනප්‍රිය නළු තලපති විජේ ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා විසින් පත්කරනු ලැබ ඇත.

තවත් දේශපාලන පක්ෂ 5ක සහයෝගය ද සහිතව මන්ත්‍රීවරුන් 120ක බහුතර බලයක් තහවුරු කර ගැනීමෙන් පසු තලපති විජේ විසින් රජයක් පිහිටුවීමට කළ ඉල්ලීම සලකා බැලූ ආණ්ඩුකාරවරයා මෙම පත් කිරීම සිදු කර තිබේ.

ඒ අනුව නව මහ ඇමතිවරයාගේ දිවුරුම් දීමේ උත්සවය අද (10) ඉන්දීය වේලාවෙන් පෙරවරු 10.00 ට චෙන්නායිහි පිහිටි ජවහර්ලාල් නේරු ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන බව තමිල්නාඩු ආණ්ඩුකාර කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

පසුගියදා පැවති මැතිවරණයෙන් ආසන 108 ලබාගනිමින් විජේ ජයග්‍රහණය කළද බහුතර බලයක් නොමැති වීම හේතුවෙන්
ඔහු මහ ඇමති ධූරයේ දිවුරුම් දීම මෙතෙක් ප්‍රමාද වී පැවතිණි

Search