තමිල්නාඩුවේ දේශපාලන පෙරළියක් : විජේට මහඇමති පුටුව ලැබෙන ලකුණු

තමිල්නාඩුවේ දේශපාලන පෙරළියක් : විජේට මහඇමති පුටුව ලැබෙන ලකුණු

2026 තමිල්නාඩු ප්‍රාන්ත සභා මැතිවරණයේ ඡන්ද ගණනය කිරීම් අද (මැයි 04) උදෑසන 8.00ට පමණ ආරම්භ වූ අතර, මේ වන විට නිකුත් වී ඇති මූලික මැතිවරණ ප්‍රවණතා මගින් ප්‍රාන්ත දේශපාලනයේ දැවැන්ත පෙරළියක් පෙන්නුම් කරයි.


පසුගිය අප්‍රේල් 23 වන දින ප්‍රාන්තයේ ඇති සියලුම ආසන 234 සඳහා එකවර ඡන්ද විමසීම පැවැත්වුණු අතර, ඒ සඳහා සියයට 85.1ක වාර්තාගත ඡන්ද ප්‍රතිශතයක් සටහන් විය.

මේ වන විට ලැබී ඇති මූලික ප්‍රතිඵල අනුව දකුණු ඉන්දීය සුපිරි නළු විජෙයිගේ නායකත්වයෙන් යුත් 'තමිලග වෙට්‍රි කලගම්' (TVK) පක්ෂය ආසන 100 සීමාව පසු කරමින් ආසන 109කට අධික සංඛ්‍යාවක පෙරමුණ ගෙන සිටින අතර, එය දශක ගණනාවක් පුරා තමිල්නාඩුවේ පැවති ප්‍රධාන ද්‍රවිඩ පක්ෂ ද්විත්වයේ ආධිපත්‍යය බිඳ දැමීමක් බව විචාරකයෝ පෙන්වා දෙති.

එඩප්පාඩි කේ. පලනිස්වාමිගේ නායකත්වයෙන් යුත් ප්‍රධාන විපක්ෂය වන AIADMK පක්ෂය ආසන 73කට ආසන්න ප්‍රමාණයක් ලබා ගනිමින් දෙවන ස්ථානයේ පසුවන අතර, වත්මන් මහඇමති එම්.කේ. ස්ටාලින්ගේ පාලක DMK සන්ධානයට හිමිව ඇත්තේ තුන්වන ස්ථානයයි.

මෙම මැතිවරණයේ විශේෂත්වය වන්නේ තමන් තරඟ කළ පෙරම්බූර් සහ තිරුචිරාපල්ලි (නැගෙනහිර) යන ආසන දෙකෙන්ම නළු විජෙයි සැලකිය යුතු ඡන්ද පරතරයකින් පෙරමුණ ගෙන සිටීම සහ වත්මන් මහඇමති එම්.කේ. ස්ටාලින් කොලතූර් ආසනයෙන් පසුබා සිටීමයි

Search