ලෙබනනයට එල්ලවූ ප්‍රහාරවලට ප්‍රතිප්‍රහාර එල්ල කරන බවට ඉරානය අනතුරු අඟවයි

ලෙබනනයට එල්ලවූ ප්‍රහාරවලට ප්‍රතිප්‍රහාර එල්ල කරන බවට ඉරානය අනතුරු අඟවයි

ඊශ්‍රායලය විසින් ලෙබනනය ඉලක්ක කරමින් එල්ල කළ දරුණු ප්‍රහාර මාලාවෙන් පසු ඉරානය විසින් ඊශ්‍රායලයට ප්‍රතිප්‍රහාර එල්ල කරන බවට අනතුරු අඟවා තබේ.

ලෙබනනයට ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් අමෙරිකා - ඉරාන සාම ගිවිසුමක් ඇති කරගැනීමේ සාකච්ඡාද අවධානමකට ලක්වී ඇති බව ඉරානය අනතුරු අඟවා තිබේ.

ඊශ්‍රායලය විසින් ඊයේ (08) මිනිත්තු 10ක් වැනි කෙටි කාලයක් තුළ ලෙබනනයේ ඉලක්ක 100ක් වෙත එල්ල කළ දරුණු ප්‍රහාර මාලාවෙන් පුද්ගලයින් 250ක පමණ පිරිසක් මියගොස් ඇති බව වාර්තා වෙයි.

ඉන් පුද්ගලයින් 1,165 දෙනෙකු තුවාල ලබා ඇති බවද ලෙබනනයේ සිවිල් ආරක්ෂක අංශ වාර්තා කර තිබුණි.

ඊයේ (08) මෙම ප්‍රහාර එල්ලකර තිබූ අතර ඊශ්‍රායලය ලෙබනනයට එරෙහි ‍මෙහෙයුම් ආරම්භ කිරීමෙන් අනතුරුව සිදුකළ දැවැන්තම ප්‍රහාරයක් බවටද වාර්තා වෙයි.

එම ප්‍රහාරයත් සමග මෙලෙස කලාපීය සාම ගිවිසුම් බිඳ වැටීමේ දැඩි අවදානමක් මතුවී තිබේ.
 

 

Search