එමෙන්ම ඉරානය විසින් හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමෙන් පසු පළමුවරට ප්‍රංශ භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් ඒ හරහා ගමන් කර තිබෙනවා.
විදෙස් විශ්ලේෂකයින් සඳහන් කළේ, මේ හරහා පෙනී යන්නේ එක්සත් ජාතීන්ගේ නිශේධ බලයක් ද හිමි ප්‍රංශය සතුරු රාජ්‍යයක් ලෙස ඉරානය නොසලකන බවයි.
එමෙන්ම ඕමානයට සම්බන්ධ නෞකා තුනක් සහ ජපානයට අයත් ගෑස් ප්‍රවාහන නෞකාවක් ද හෝමුස් සමුද්‍ර සන්ධිය තරණය කර ඇති බව සඳහන්.
මේ අතර, හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා තම නෞකාවලට ආරක්ෂිතව ගමන් කිරීමට අවසර ලැබෙනු ඇති බව පිලිපීනය පවසනවා.
එරට විදේශ අමාත්‍ය තෙරේසා ලාසාරෝ කියා සිටියේ, පිලිපීනය සහ ඉරානය අතර පැවති සාකච්ඡා ඉතා ඵලදායී සහ සුබවාදී වූ බවත්, එහිදී පිලිපීන ධජය සහිත නෞකාවලට, බලශක්ති සම්පත්වලට මෙන්ම පිලිපීන නාවිකයන්ට ආරක්ෂිත, බාධාවකින් තොරව සහ කඩිනම් ගමනාගමනය සඳහා අවසර ලබා දීමට ඉරානය පොරොන්දු වූ බවත්.
මේ අතර, ඉරානයේ දී බිම හෙළන ලද අමෙරිකානු එෆ් ෆිෆ්ටීන් ප්‍රහාරක ජෙට් යානයක සිටි එක් අයෙකු බේරාගෙන ඇති බව අමෙරිකානු මාධ්‍ය වාර්තා කළා.
එමෙන්ම පර්සියානු බොක්ක කලාපය තුළදී අමෙරිකානු ගුවන් හමුදාවට අයත් තවත් යානයක් අනතුරට පත්ව ඇති බව නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත වාර්තා කළා.
කෙටි කාලයක් තුළ එම කලාපයේදී අනතුරට පත් වූ දෙවන අමෙරිකානු ගුවන් යානය මෙය වීම විශේෂත්වයක්.
එමෙන්ම, ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු කියා සිටියේ ප්‍රහාර හේතුවෙන් ඉරානයේ වානේ නිෂ්පාදන ධාරිතාවෙන් සියයට 70ක් විනාශ වී ඇති බවයි.