ඉරානයේ ඉතිරිව ඇති යටිතල පහසුකම් විනාශ කිරීම අමෙරිකානු හමුදාව "තවමත් ආරම්භ කර නැති" බවට අනතුරු අඟවමින්, ඩොනල්ඩ් ට්රම්ප් ඉරානයට එරෙහිව නව තර්ජන මාලාවක් එල්ල කර තිබෙනවා.
Truth Socialහි සටහනක් තබමිනුයි ජනපතිවරයා මේ බව සඳහන් කර ඇත්තේ.
එම සටහනේ දැක්වෙන්නේ, "ලෝකයේ ඕනෑම තැනක සිටින ශක්තිමත්ම සහ බලවත්ම (බොහෝ දුරට!) අපගේ හමුදාව, ඉරානයේ ඉතිරිව ඇති දේ විනාශ කිරීම තවමත් ආරම්භ කර නැත. ඊළඟට පාලම්, පසුව විදුලි බලාගාර! නව පාලන තන්ත්රයේ නායකත්වය දන්නවා කළ යුත්තේ කුමක්ද කියා, එය ඉතා වේගයෙන් කළ යුතුව තිබෙනවා!" යනුවෙන්.
"Our Military, the greatest and most powerful (by far!) anywhere in the World, hasn’t even started destroying what’s left in Iran. Bridges next, then Electric Power Plants! New Regime leadership knows what has to be done, and has to be done, FAST!''