ඉරානය තුළ අන්තර්ජාලය සම්පූර්ණයෙන්ම විසන්ධි කර අදට දින 32ක් ගත වී ඇති බව විදෙස් වාර්තා පවසයි.
නමුත් රජයේ නිලධාරීන්, රජයට පක්ෂපාතී පිරිස් සහ සමහර මාධ්‍යවේදීන්ට පමණක් බාධාවකින් තොරව අන්තර්ජාලය භාවිතා කිරීමට අවස්ථාව ලැබී ඇත.
ඉරානයේ අන්තර්ජාල සම්බන්ධතාවය සාමාන්‍ය මට්ටමට වඩා 1%ක් දක්වා ඉතාම අඩු මට්ටමකට වැටී ඇත.
ඒ අනුව එරට ජනතාව පැය 744කට වඩා වැඩි කාලයක් ලෝකයෙන් හුදකලා වී සිටියි.
සෙසු පිරිස් අන්තර්ජාලයට පිවිසීමට විශාල මුදලක් වැය කරන බව සඳහන් වෙයි.
ස්ටාර්ලින්ක් වැනි සැටලයිට් තාක්ෂණය හරහා අන්තර්ජාලයට පිවිසීමට සුළු පිරිසක් සමත්ව ඇතත්, ඒ සඳහා අධික පිරිවැයක් දැරීමට සිදුවනු ඇත.
ඉරානය තුළ ස්ටාර්ලින්ක් භාවිතා කිරීම හෝ ළඟ තබා ගැනීම වසර දෙකක් දක්වා සිරදඬුවම් ලැබිය හැකි වරදකි.
මේ වන විට ඉරාන බලධාරීන් එවැනි උපකරණ සොයා වැටලීම් සිදු කරමින් සිටියි.