මෙම වසර මුල හටගත් ඉරාන ජන අරගලයේදී පොලිස් නිලධාරීන් දෙදෙනකු ඝාතනය කළ බට චෝදනා ලත් පුද්ගලයින් තිදෙනෙක් රජය අද (19) හිස ගසා මරා දැමීය.
ඉරාන ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දුව ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව එය ක්‍රියාත්මක කෙරිණි. එම තිදෙනා සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයට සහ දෙවියන්ට එරෙහි යුද්ධයට වැරදි කරුවන් බව අධිකරණය කියා සිටියේය. ඔවුන් එක්සත් ජනපදයේ සහ ඊශ්‍රායලයේ අභිලාෂයන්ට අනුගතව එම ක්‍රියා සිදු කර ඇතැයි ද අධිකරණය දන්වා සිටියේය.
එරට ඛෝම් නම් ආගමික නගරයේ දී එම තිදෙනාට එරෙහි මරණ දඬුවම ක්‍රියාත්මක කෙරිණි.
Iran executes three individuals arrested over January protests, state media