ගෝලීය බලශක්ති අර්බුදයට පිළියම් වශයෙන් ජාත්‍යන්තර බලශක්ති ඒජන්සියේ (IEA) සාමාජික රටවල් සතු හදිසි තෙල් සංචිත ඉදිරියේදී "අවශ්‍යතාවය පරිදි" තවදුරටත් මුදාහැරීමට හැකි බව එම ඒජන්සියේ විධායක අධ්යක්ෂ Fatih Birol පවසා තිබේ.
පසුගිය සතියේදී එම ඒජන්සිය ඉතිහාසයේ විශාලතම තෙල් සංචිත ප්‍රමාණය මුදාහැරීමට එකඟ වූ අතර, එම මුදාහැරීමෙන් පසුව වුවද තවත් බැරල් බිලියන 1.4 කට අධික හදිසි තෙල් සංචිත ප්‍රමාණයක් ඉතිරිව පවතින බව ඔහු පෙන්වා දී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
දැනට සිදුකිරීමට නියමිත දැවැන්ත මුදාහැරීමෙන් පසුව වුවද, සාමාජික රටවල් සතු හදිසි සංචිත ප්‍රමාණය අඩු වන්නේ 20% කින් පමණක් බවත්, තවත් විශාල තෙල් ප්‍රමාණයක් ඉතිරිව පවතින බවත් ඔහු පැවසීය.
ඔහු පවසා ඇත්තේ පවතින සැපයුම් හිඟය මඟහරවා ගනිමින් වෙළෙඳපොළ ස්ථාවර කිරීමට මෙම පියවර ගන්නා බවය.