අභ්‍යන්තර තොරතුරු ලබාදීමේ චෝදනාවට ඉරානයේදී පුද්ගලයන් 500ක් අත්අඩංගුවට

අභ්‍යන්තර තොරතුරු ලබාදීමේ චෝදනාවට ඉරානයේදී පුද්ගලයන් 500ක් අත්අඩංගුවට

සතුරු පාර්ශවයන් වෙත රටේ අභ්‍යන්තර තොරතුරු ලබා දීමේ චෝදනා මත ඉරානයේදී පුද්ගලයන් 500කට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඉරාන පොලිස් ප්‍රධානී අහ්මද්ද්‍රෙසා රාධන් ප්‍රකාශ කර ඇත්තේ ඊශ්‍රායලය සහ අමෙරිකාව විසින් රට තුළ සිදු කරන ප්‍රහාර සඳහා තොරතුරු ලබා දීම සම්බන්ධයෙන් මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති බවය.

විශේෂයෙන් ඉලක්කගත පුද්ගලයන් හා ස්ථාන පිළිබදව ඍජු තොරතුරු ලබාදුන් පුද්ගලයින් ද මෙම පිරිස අතර වන බව ඉරාන පොලිස් ප්‍රධානියා සදහන් කර ඇත.

 

Search