ශ්‍රී ලංකාවට දකුණු දිග මුහුදේදී අමෙරිකානු ටෝපිඩෝ ප්‍රහාරයකට ලක්වූ ඉරානයට අයත් 'IRIS DENA' නෞකාවේ සිටි ජීවිතක්ෂයට පත්වූ ඉරාන නාවිකයින් 84 දෙනෙකුගේ මළ සිරුරු රැගත් ගුවන් යානය ඉරානය බලා පිටත්ව ගොස් තිබෙනවා.
ඒ අනුව, ඊයේ (13) රාත්‍රී 09.30 ට පමණ එම ගුවන් යානය ඉරානය බලා පිටත්ව ගොස් ඇති බවයි සඳහන් වේ.
මෙම මියගිය නාවිකයින්ගේ සිරුරු පිටත්කර යැවීම මෙරට ඉරාන තානාපති කාර්යාලයේ සම්බන්ධීකරණය යටතේ සිදු කෙරුණා.