ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක් ඛනිජ තෙල් නිෂ්පාදන තම රටින් ඉල්ලා ඇති බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා.
ඒ අනුව, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ මාලදිවයින යන රටවල් මෙලෙස ඛනිජ තෙල් නිෂ්පාදන ඉල්ලා ඇති බවයි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක රන්දීර් ජයිස්වාල් වැඩිදුරටත් සඳහන් කරන්නේ.