නව ජනපති සිරිල් රැම්පෝසා

දකුණු අප්‍රිකාවේ නව ජනපතිවරයා ලෙස සිරිල් රැම්පෝසා මහතා පත්වි ඇත.
හිටපු ජනපති ජාකොබ් සුමා ඉල්ලා අස්වීම හේතුවෙන් පුරප්පාඩු වූ ජනපති ධුරය සඳහා දකුණු අප්‍රිකානු පාර්ලිමේන්තුව විසින් රැම්පෝසා මහතා ජනපතිධූරයට නම් කරනු ලැබීය.
මෙහිදී රැම්පෝසා මහතාගේ නම පමණක් යෝජනා වීම නිසා ඡන්ද විමසීමක් පැවැත්වීමට අවශ්‍ය නොවූ බව පැවසේ. මෙම පත්කිරීමට පාලක අප්‍රිකානු ජාතික කොන්ග්‍රසයේ මන්ත්‍රීවරුන් ඒකමතිකව එකඟතාව පලකර ඇත.
65 වියැති රැම්පෝසා මහතා 2017 වර්ෂයේදි අප්‍රිකානු ජාතික පක්ෂයේ නායකයා බවට පත් විය. 1977දී ව්‍යාපාර ක්ෂේත්‍රයට පිවිසි ඔහු දකුණු අප්‍රිකාවේ ධනවත්ම ව්‍යාපාරිකයෙක් බවට පත් විය.
අප්‍රිකානු ජාතික පක්ෂයේ තීරණය අනුව හිටපු ජනපතිවරයා ඉල්ලා අස් වුවද ඔහු එම තිරණය සම්බන්දයෙන් අප්‍රසාදය පල කර ඇති බව මාධ්‍ය වාර්තා කර ඇත.
(රොයිටර් ඇසුරිණි - 085)

Search