පාකිස්ථානය සහ ඇෆ්ගනිස්ථානය අතර පවතින ගැටුම් සමතයකට පත්කිරීමට සෞදි අරාබිය සහ කටාර් රාජ්‍ය දැඩි උත්සාහයක නිරත වනවා.
විදෙස් වාර්තා සඳහන් කළේ, ඒ අනුව ඔවුන් දෙරටේ බලධාරීන් සමග සාකච්ඡා කිරීමට සූදානම් වන බවයි.
පාකිස්ථානය, ඇෆ්ගනිස්ථානයේ හමුදා කදවුරු කිහිපයකට ගුවන් ප්‍රහාර එල්ල කිරීමෙන් පසු දෙපාර්ශවය අතර දරුණු ගැටුම් හටගත්තා.
ප්‍රහාර හමුවේ පාකිස්ථාන සෙබලුන් 55 දෙනෙකු ඝාතනය කළ බව තලේබාන් සටන්කාමීන් ප්‍රකාශ කළා.
පාකිස්ථානය සඳහන් කළේ, ප්‍රහාරවලින් තලේබාන් සටන්කරුවන් 133 දෙනෙකු මිය ගිය බවයි.