මෙක්සිකෝවේ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම් කල්ලි නායකයෙකු අත්අඩංගුවට ගැනීමට යාමේදී මරුට

මෙක්සිකෝවේ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම් කල්ලි නායකයෙකු අත්අඩංගුවට ගැනීමට යාමේදී මරුට

මෙක්සිකෝවේ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ජලිස්කෝ නිව් ජෙනරේෂන් නැමති මත්ද්‍රව්‍ය කල්ලියේ නායක එල් මෙන්චෝ, අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේදී ආරක්ෂක අංශ වෙඩි ප්‍රහාර හමුවේ මියගොස් තිබෙනවා.



ඇමරිකානු බුද්ධි අංශවලින් ලද තොරතුරු මත ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා මෙක්සිකෝ ආරක්ෂක අංශ විසින් මෙම මෙහෙයුම දියත්කර තිබුණා.

මධ්‍යම-බටහිර ජලිස්කෝ ප්‍රාන්තයේ, තපල්පා නගරයේදී දියත් කළ මෙම මෙහෙයුමේදී එම මත්ද්‍රව්‍ය ජාවාරම් කල්ලියේ තවත් සාමාජිකයින් සිව්දෙනෙකු මියගොස් ඇති අතර හමුදා භටයින් තිදෙනෙකු ද තුවාල ලැබුවා.

Search