ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය තුළ වසර 40කට අධික කාලයක් ජීවත් වන ශ්‍රී ලාංකික දෙමළ ජනතාවට එරට පුරවැසිභාවය ලබාදෙන ලෙසට ප්‍රාන්ත මහඇමති එම්.කේ ස්ටාලීන් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදීගෙන් ඉල්ලීමක් සිදුකර තිබේ.
ප්‍රාන්ත මැතිවරණයට මාස දෙකකට ආසන්න කාලයක් ඇති පසුබිමක මෙම ඉල්ලීම සිදු කර තිබීමත් විශේෂත්වයකි.
එහිදී මහ ඇමතිවරයා පෙන්වාදී ඇත්තේ, තමිල්නාඩුවේ ශ්‍රී ලාංකීක දෙමළ ජනතාව 89,000ක් පමණ සරණාගත කඳවුරු තුළ සහ ඉන් පිටත ජීවත් වන බවය.
ඔවුන්ගේ සියයට 40කට ආසන්න ප්‍රමාණයක් ඉන්දියාවේ උපත ලබා ඇති බව එම්.කේ ස්ටාලීන් අග්‍රාමාත්‍යවරයා වෙත යොමු කර ඇති ලිපියෙහි දැක්වෙයි.
1983 සිට අනුප්‍රාප්තික තමිල්නාඩු රජයන්, මධ්‍යම රජයේ එකඟතාවයෙන්, ශ්‍රී ලංකාවේ වාර්ගික ගැටුම්වලින් පලා ගිය අයට නවාතැන්, අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවා ලබා දී ඇති බව මහ අමාත්‍යවරයා පෙන්වා දෙයි.
කෙසේ වෙතත්, බොහෝ දෙනෙකුට පුරවැසිභාවය හෝ දිගුකාලීන වීසා තත්ත්වය සඳහා ප්‍රවේශය තවමත් ලබාදී නොමැත.
කෙසේ වෙතත් මෙම පිරිසෙන් මේ දක්වා පුද්ගලයින් 11 දෙනෙකුට ඉන්දීය පුරවැසිභාවය ලබාදී ඇති අතර ඉන් අයෙකු පමණක් ඡන්දය අයිතිය ලබාගෙන ඇති බව එරට මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
සෙසු දසදෙනා තමන්ව ඡන්දහිමි නාමලේඛනයට ඇතුළත් කරගන්නා ලෙසට ඉල්ලුම් කර ඇති බව එහි වැඩිදුරටත් දැක්වෙයි.
[adaderana.lk]