කස්ත්‍රෝගේ පුතා ඒන්ජල් කස්ත්‍රෝ දිවිනසාගනී

අභාවප්‍රාප්ත කියුබානු විප්ලවීය නායක ෆිදෙල් කස්ත්‍රෝගේ පුත්‍රයකු වන ෆිදෙල් ඒන්ජල් කස්ත්‍රෝ දියාස් බල්රාට් දිවිනසාගෙන ඇතැයි කියුබානු රජයේ මාධ්‍ය වාර්තා කළේය.
ඒන්ජල් පසුගිය කාලය පුරාවට දැඩි මානසික ආතතියකින් පෙලුණු බවත්, වෛද්‍යවරුන් සහ මනෝ වෛද්‍යවරුන්ගෙන් ඔහු ප්‍රතිකාර ලබමින් සිටි බවත් කියුබාවේ ‘ග්‍රැන්මා’ පුවත්පත වාර්තා කර තිබේ.
ඒන්ජල් යනු කියුබානු අසහාය නායක ෆිදෙල් කස්ත්‍රෝගේ පළමු පුත්‍රයාය. ඒන්ජල් කස්ත්‍රෝ කිහයුබානු වැසියන් අතරේ ජනප්‍රිය වූයේ ෆිදෙලිතෝ යන නාමයෙනි. එහි අර්ථය ‘ෆිදෙල් පොඞ්ඩා’ යන්නය. මියයනවිට 68 වියෙහි පසුවුණු ඒන්ජල් න්‍යෂ්ටික භෞතික විද්‍යාඥයෙකි. ඔහු අධ්‍යාපනය ලබා ඇත්තේ සෝවියට් රුසියාවේදී යැයි ද පැවැසෙයි.
(රොයිටර්)

Search