තලපති විජේගේ රැලියකදී ඇති වූ තෙරපීමකින් පුද්ගලයින් 31ක් මරුට: 50කට තුවාල

තලපති විජේගේ රැලියකදී ඇති වූ තෙරපීමකින් පුද්ගලයින් 31ක් මරුට: 50කට තුවාල

තමිල්නාඩුවේ, කරූර් ප්‍රදේශයේ පැවති ජනප්‍රිය නළු තලපති විජේගේ දේශපාලන රැලියකදී ඇති වූ තෙරපීමකින් අවම වශයෙන් පුද්ගලයින් 31 දෙනෙකු මිය ගොස් තිබේ.

The Hindu පුවත්පත වාර්තා කර ඇත්තේ, අවම වශයෙන් පුද්ගලයන් 50 දෙනෙකු රෝහල්ගත කර ඇති බව ය.

ළමුන් හය දෙනෙකු, පිරිමින් නව දෙනෙකු සහ කාන්තාවන් 16 දෙනෙකු මෙලෙස මිය ගොස් ඇති බව The Hindu වාර්තා කර තිබේ.

එම මාධ්‍ය තවදුරටත් පවසන්නේ, තලපති විජේ සහභාගී වූ මෙම රැලිය සඳහා විශාල පිරිසක් රැස්ව සිටි බව ත් එහිදී පුද්ගලයන් කිහිප දෙනෙකු ක්ලාන්ත වූ බව ත් ය.

තුවාල ලැබූවන් කරූර් වෛද්‍ය විද්‍යාල රෝහලට සහ අසල පිහිටි පෞද්ගලික රෝහල් ඇතුළත් කර ඇතැයි The Hindu පුවත්පත වාර්තා කර ඇත.



Search