ලෝකයේ ධනවත්ම පුද්ගලයා’ ඊලෝන් මස්ක් නැවතත් අංක එකට

ලෝකයේ ධනවත්ම පුද්ගලයා’ ඊලෝන් මස්ක් නැවතත් අංක එකට


ඊලොන් මස්ක්ට ඊයේ (10) ‘ලෝකයේ ධනවත්ම පුද්ගලයා’ යන ස්ථානය තාවකාලිකව අහිමි විය. Oracle සමාගමේ සම-නිර්මාතෘ ලැරී එලිසන් හට එම පදවිය හිමි වූ අතර, පැය කිහිපයකට පසුව ඊලෝන් මස්ක්ට එය නැවත ලබා ගැනීමට හැකි වූ බව විද්‍ර්ස් මාධ්‍ය වාර්තා කරයි.

එලිසන්ගේ ධනය මෙලෙස විශාල ලෙස වැඩි වුණේ Oracle සමාගමේ අඟහරුවාදා (09) ප්‍රකාශයට පත් වූ ඉතා ශක්තිමත් ආදායම් වාර්තාවක් හේතුවෙනුයි.

Oracle කොටස්වල මෙම සැලකිය යුතු වැඩිවීම සිදු වුණේ, කෘත්‍රිම බුද්ධිය (AI) භාවිතා කරන පාරිභෝගිකයන්ගෙන් එහි දත්ත මධ්‍යස්ථාන ධාරිතාව සඳහා විශාල ඉල්ලුමක් වාර්තා වීම නිසාවෙනි. Oracle කොටස් 43% කින් පමණ ඉහළ ගිය බව වාර්තා විය.

මෙය 1992 න් පසු කොටස්වල සිදු වූ විශාලතම තනි දින වැඩිවීමක් ලෙස සටහන් විය. Oracle හි විශාලතම තනි කොටස් හිමියා වන ලැරී එලිසන්ගේ ධනය ඩොලර් බිලියන 89 කින් පමණ වැඩිවූයේ මේ හේතුවෙනුයි. බ්ලූම්බර්ග් ආයතනය පවා මෙය ‘මෙතෙක් වාර්තා වූ විශාලතම තනි දින ධන වර්ධනය’ ලෙස වාර්තා කළහ.

කෙසේ වුවද, ඊයේ (10) වෙළඳපොළ වසා තැබෙන විට, නැවත එලොන් මස්ක්ගේ ශුද්ධ වත්කම ඩොලර් බිලියන 384.2 ක් ලෙස වාර්තා වී තිබූ අතර් එය ලැරී එලිසන්ගේ ධනය වූ ඩොලර් බිලියන 383.2 ට වඩා ඩොලර් බිලියනයකින් වැඩි අගයකි.

මේ අනුව එලොන් මස්ක්ට නැවත වරක් ලොව ධනවත්ම පුද්ගලයා යන පදවියට නැවත වරක් හිමිකම් කීමට හැකිවිය

Search