අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්රම්ප් ඉන්දියාවට පැනවූ 50% ආනයන බද්ද ඊයේ (27දා) සිට ක්රියාත්මක විය.
අමෙරිකාව ලොව වැඩිම ආනයන බද්ද පනවා ඇත්තේ ඉන්දියාවටය.
මුලදී ඉන්දියානු භාණ්ඩ සඳහා 25% ක තීරුබදු පනවා තිබූ අතර රුසියානු තෙල් මිලදී ගැනීම මත තවත් 25% ක බද්දක් පනවන ලදී. ඉන්දියාව 2024 වසරේදී අමෙරිකාවට කළ අපනයන හරහා ඩොලර් බිලියන 87ක ආදායමක් ලබා තිබිණි. ට්රම්ප් පාකිස්තානයට පනවා ඇත්තේ 19% ක බද්දක් පමණි