වයඹදිග ඇෆ්ගනිස්ථානයේ හේරාත් පළාතේදී බස් රථයක්, ඉන්ධන ප්‍රවාහන ට්‍රක් රථයක් සහ යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන් සිදුවූ දරුණු ගින්නකින් ළමුන් දහනව දෙනෙකු ඇතුළු පුද්ගලයින් හැත්තෑ අට දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
2025 අගෝස්තු 19 වන දින, එනම් ගෙවී ගිය අඟහරුවාදා රාත්‍රියේ ගුසාරා දිස්ත්‍රික්කයේදී මෙම ඛේදවාචකය සිදුව ඇති අතර, අනතුරින් තවත් තිදෙනෙකු බරපතල තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අනතුරට ලක්වූ බස් රථයේ ගමන් කර ඇත්තේ මෑතකදී ඉරානයෙන් පිටුවහල් කරනු ලැබූ ඇෆ්ගන් සංක්‍රමණිකයින් පිරිසකි.
අදාළ බස් රථය පළමුව යතුරුපැදියක ගැටී ඇති අතර, අනතුරුව පාලනයෙන් මිදී ඉන්ධන රැගත් ට්‍රක් රථයක මුහුණට මුහුණ ගැටී ඇති බව මූලික විමර්ශනවලදී හෙළිවී ඇත. ඉන්ධන ප්‍රවාහන ට්‍රක් රථයේ ගැටීමත් සමග ක්ෂණිකව විශාල ගින්නක් හටගෙන ඇති අතර, බස් රථය සම්පූර්ණයෙන්ම ගිනිදැල්වලට හසුවීම නිසා මරණ සංඛ්‍යාව මෙතරම් ඉහළ යාමට ප්‍රධාන හේතුව වී තිබේ. මියගිය සහ තුවාල ලැබූවන් අතර කාන්තාවන් සහ ළමුන් විශාල පිරිසක් සිටින බවද වාර්තා වේ.
ටෙහෙරාන් පාලනය විසින් බලහත්කාරයෙන් නැවත හරවා යවනු ලැබූ ඇෆ්ගන් ජාතිකයින් පිරිසක් මෙලෙස මරණයට පත්වීම, එම සංක්‍රමණිකයින් මුහුණ දෙන දුෂ්කරතා මැනවින් පෙන්නුම් කරන්නකි. ඇෆ්ගනිස්ථානය තුළ මෑත වසරවලදී සිදුවූ දරුණුතම මාරක රිය අනතුරක් ලෙස මෙය සැලකෙන අතර, රටේ මාර්ග පද්ධතියේ පවතින දුර්වල තත්ත්වය සහ බලහත්කාරයෙන් සිදුකරන සරණාගතයින් පිටුවහල් කිරීම් මධ්‍යයේ ඔවුන් මුහුණ දෙන අභියෝග මෙමගින් නැවත වරක් ඉස්මතු කර දක්වයි